fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික බස් රථ ධාවනයට හෙට සිට වෙන්න යන දේ

    පෞද්ගලික බස් රථ ධාවනයට හෙට සිට වෙන්න යන දේ

    හෙට දිනයේ සිය සංගමයේ සාමාජිකයින් බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

    මෙසේ බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන්නේ හෙට දිනයේ පමණක් නොව ඉදිරි දින කිහිපයේම බස් රථ ධාවනය කිරීමට නොහැකි යනු ඇති බවටද ගැමුණු විජේරත්න මහතා අනතුරු අඟවයි.

    ඉන්ධන නොමැති කම ඊට හේතුවක් බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා මෙය බරපතල ගැටළුවක් බවත් මෙම ගැටළුවෙන් පීඩාවට පත්වන්නේ ජනතාව බවද සඳහන් කරයි.

    "මේ ගැන අපිට ඉතාමත් කණගාටුයි. අත්‍යවශ්‍ය සේවාවන් කරන්න අපි උත්සහ ගන්නවා. ඊට වැඩිය දෙයක් කරන්න අපිට විදිහක් නැහැ" යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.