තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආර්ථික අර්බුදය හමුවේ වුවත් කම්කරු ජනතාව රටට දෙන ආදර්ශය සුළුපටු නොවේ -...

    ආර්ථික අර්බුදය හමුවේ වුවත් කම්කරු ජනතාව රටට දෙන ආදර්ශය සුළුපටු නොවේ – අගමැති

    අනපේක්ෂිතව මුහුණ පෑමට සිදුවූ මෙම ආර්ථික අර්බුදය හමුවේ වුවද දැඩි කැපවීමකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් කම්කරු ජනතාව රටට ලබාදෙන ආදර්ශය සුළු පටු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ කම්කරු සටන් වෙනුවෙන් ජනතාව සමඟ පෙරට ආ තමන්, වගකීම් ලද සෑම විටම ජනතාවගේගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරිය බවයි.

    රට හමුවේ උද්ගතව ඇති මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජයගත යුතු බවත් ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

    අගමැතිවරයාගේ මැයි දින පණිවුඩය පහත දැක්වේ.

    සමස්ත පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය කම්කරු ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසනය පිරිනමමි.

    වසර දෙකකට අධික කාලයක් ලෝක වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ඔබ, රට හමුවේ පවතින මෙම ආර්ථික අර්බුදය හේතුවෙන්ද පීඩාවට පත්ව ඇති බව නොරහසකි.

    අනපේක්ෂිතව මුහුණ පෑමට සිදුවූ මෙම ආර්ථික අර්බුදය හමුවේ වුවද දැඩි කැපවීමකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබ රටට ලබාදෙන ආදර්ශය සුළු පටු නොවේ.

    කම්කරු සටන් වෙනුවෙන් ඔබ සමඟ පෙරට ආ මම, වගකීම් ලද සෑම විටම ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරියෙමි.

    එසේ වුවද රට හමුවේ උද්ගතව ඇති මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජයගත යුතුය.

    ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර දේශීය මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ඒ සඳහා අවශ්‍ය සහය ලබාගනිමින් සිටියි.

    මේ සියලු ප්‍රයත්නයන්ගේ අවසන් ඉලක්කය සුබවාදී රටක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් කම්කරු ජනතාව කරනු ලබන අසීමිත කැපකිරීම ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img