fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟයි -අනිද්දා සාකච්ඡාවක්

    සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟයි -අනිද්දා සාකච්ඡාවක්

    මේ අවස්ථාවේදී රට මුහුණදී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    පක්ෂ නායකයන් වෙත ලිපි යොමු කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ පළමු පියවර ලෙස අනිද්දා(29) පෙ.ව. 10.30ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවයි.

    ඒ සඳහා පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ද, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වන විට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකයින්ට ද තම පක්ෂයේ අදහස් හා යෝජනා ද සමඟ මේ අවස්ථාවට නොවරදවාම සහභාගී වන මෙන් ජනාධිපතිවරයා ආරාධනා කර ඇත.

    වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එම සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, එහි වගකීම ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුලු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කොට තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා සිය ලිපිය මගින් දන්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.