fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන සිද්ධිය ගැන උසාවි නියෝගයක්

    රඹුක්කන සිද්ධිය ගැන උසාවි නියෝගයක්

    විරෝධතාකරුවෙකුට මරු කැඳවූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අණ දීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

    රඹුක්කන විරෝධය අතරතුර මියගිය පුද්ගලයා වෙඩි ප්‍රහාරයකින් වූ තුවාල මත මරණය සිදුව ඇති බවට කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිශ්චය කර ඇත.

    රඹුක්කන සිද්ධියට අදාළ නඩුව අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.