තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවරින් කොළඹට එන සජබයේ පාගමන අනිද්දා ඇරඹේ

    මහනුවරින් කොළඹට එන සජබයේ පාගමන අනිද්දා ඇරඹේ

    ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් අනිද්දා (26) මහනුවරින් පාගමනක් ආරම්භ කොට කොළඹට පැමිණෙන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    ඔහු කියාසිටියේ දින 6ක් තිස්සේ එම පාගමනින් කොළඹට පැමිණ ලබන 01 වැනිදා දැවැන්ත මැයි දින උත්සවයක් පවත්වන බවයි.

    “පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය ආකාරයට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි සූදානම් නෑ. සියල්ලෝ එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් අපි ඕන ශක්තියක් දෙන්න ලෑස්තියි. මේ ආණ්ඩුවට බලපෑම් කරන්න ජනාධිපතිට ගෙදර යන්න කියන්න 26 වැනිදා අපි මහනුවරින් පා ගමනක් ආරම්භ කරනවා. අපි දින හයක් තිස්සේ කොළඹට ගිහිල්ලා පළවෙනිදා අපි විශාලතම මැයි දිනය අපි එදාට පවත්වනවා” යැයි ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img