තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21 ට සහය දෙනවා - මහජන කොංග්‍රසය

    21 ට සහය දෙනවා – මහජන කොංග්‍රසය

    21 වැනි සංශෝධනයට සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහය ලබාදෙන බවට නායක රිෂාද් බදියුදීන් මහතා පවසයි.

    මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගනිමින් 21 වැනි සංශෝධනය සකසන බැවින් ඊට සහය දෙන බවයි.

    මේ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනකුට විනය පියවර ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ.

    ඒ සිය පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කිරීමට එරෙහිව ය.

    ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීී ඉෂාක් රහුමාන්, පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් යන අයට එරෙහිව විනය පියවර ගෙන ඇත.

    මීට පෙර ඔවුන් තිදෙනාගෙන් නිදහසට කරුණු විමසා ඇති අතර එම පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් පක්ෂය විසින් ඒකමතිකව මෙම තීන්දුව ගත් බව රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කීය.

    ආණ්ඩුවට සහාය ලබාදුන් ඉෂාක් රහුමාන්, එස්. එම්. එම්. මුෂාරෆ් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට දන්වා තිබුණි.

    එහෙත් පසුව එස්. එම්. එම්. මුෂාරෆ් මහතා පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img