තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩලස් කැබිනට් ඇමතිකම් එපා කියයි

    ඩලස් කැබිනට් ඇමතිකම් එපා කියයි

    කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් නොපිළිගැනීමට පසුගිය 3 වැනි දින ගන්නා ලද තීරණයෙහි තමා ස්ථාවරව සිටින බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ මේ තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය වන්නේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් යැයි තමා විශ්වාස කරන බවයි.

    ඉතිහාසය ද ඊට සාක්ෂි දරන බව ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටී.

    කෙසේවෙතත් තරුණයින් බහුතරයකගෙන් සමන්විතව කඩිනමින් පිහිටුවීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට තමා සුබ පතන බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img