fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසිල ඉන්ධනවලින් මිදෙන පළමු රට ප්‍රංශය වේවි - ජනපතිගෙන් ප්‍රතිඥා

    පොසිල ඉන්ධනවලින් මිදෙන පළමු රට ප්‍රංශය වේවි – ජනපතිගෙන් ප්‍රතිඥා

    ප්‍රංශ ජනාධිපති එමානුවේ මැක්‍රෝන් විසින් බොරතෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන පළමු රට බවට පත්වන බවට ප්‍රකාශ කරයි.

    ඔහු ඊයේ(16) පැවති මැතිවරණ රැලියක් අමතමින් මෙම පොරොන්දුව ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශ ජනාධිපතිවරයා එරට පරිසර හිතකාමී තරුණ පිරිස් ඉලක්ක කරගෙන මෙම ප්‍රකාශය කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‟ඊළඟ අග්‍රාමත්‍යවරයා සෘජුව හරිත සැලසුම්කිරීමවල ප්‍රධානියා බවට පත්කරනු ලබන බවයි. මම දන්නවා තරුණ ප්‍රජාවගේ ඉල්ලීම ගැන. මේ නිසා ඉදිරි අග්‍රාමත්‍යවරයාගේ රාජකාරිය වන්නේ ගෑස්, බොරතෙල්, සහ ගල් අඟුරු වලින් ඉවත්වීමයි. ඒක් කරන්න පුළුවන් දෙයක්. ගල් අඟුරු සහ ගෑස් එක් පැත්තකින්ද න්‍යෂ්ටික බලය අනෙක් පැත්තකින් තිබෙනවා. එයින් මම න්‍යෂ්ටික බලය තොරාගන්නවා.” යනුවෙනි.

    ඒ අනුව මැක්ක්‍රෝන් විසින් ප්‍රංශය තුල නව න්‍යෂ්ටික බලාගාර හයක් ඉදි කිරීමටත් තවත් බලාගාර අටක අවශ්‍ය අධ්‍යයන කිරීමටත් අවදානය යොමු වී ඇති බවටද ප්‍රකාශ කරනු ලැබ තිබේ. මේ අතර සූර්ය බලාගාර සංඛ්‍යාව ඉහළ දැමීමටත් සුලං බලයෙන් විදුලි උත්පාදනය ඉහළ දැමීමටද අවදානය යොමුව ඇති බවද ඔහු වැඩිදුරතටත් ප්‍රකාශ කරයි.

    පසුගිය කාලපුරාම යුරෝපා කාලපයේ තරුණ පිරිස් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමුවෙමින් පොසිල ඉන්ධන භාවිතය අවම කරණ ලොසට දැඩි ලෙස ඉල්ලීම් කරණු ලැබිය. එහිදී ඔවුන් විසින් දේශගුණික යුක්තිය වෙනුවෙන්ද විශාල හඬක් නංවනු ලැබීය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.