තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලුමුවදොර අරගල පරිශ්‍රයට මාධ්‍ය මධ්‍යස්ථානයක්

    ගාලුමුවදොර අරගල පරිශ්‍රයට මාධ්‍ය මධ්‍යස්ථානයක්

    කොළඹ ගාලුමුවදොර පිහිටි මහජන අරගල පරිශ්‍රයෙහි මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.

    ඒ අනුව මහජන අරගල පරිශ්‍රයේදි එදිනෙදා සිදුකරන විශේෂ වැඩසටහන් ආදිය සම්බන්ධීකරණය කිරීම, විශේෂිත පුද්ගලයන් හා කණ්ඩායම් පැමිණි පසු ඔවුන් හා සාකච්ඡා පැවැත්වීම, මහජන අරගලය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පහසුකම් සැපයීම ඇතුළු කටයුතු රැසක් එම මාධ්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරන බවද මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.

    ඉදිරියේ දී එම මාධ්‍ය මධ්‍යස්ථානය දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ටද මාධ්‍ය සංවිධාන එකමුතුව කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img