තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනිද්දා ගාලුමුවදොරට

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනිද්දා ගාලුමුවදොරට

    ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

    මහජන අරගලයට සහාය පළ කරමින් අඟහරුවාදා (19) කොළඹදී විරෝධතා ගමනක් සංවිධානය කරන බවද ඊට රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහභාගී වන බව ද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවසීය.

    ඒ අනුව 19 වැනි දින පස්වරු 1ට පමණ කොළඹ විශ්වවිද්‍යාලය අසලට රැස්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එතැන් සිට ගාලු පාර ඔස්සේ විරෝධතා පා ගමනකින් කොළඹ ගාලු මුවදොර පිටියට ගොස් විරෝධතාකරුවන්ට සහාය පළකරන බව ද ඔහු කීය.

    රට පුරා සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අඟහරුවාදා (19) සංකේත වැඩ වර්ජනයක නිරත වන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img