fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් 03ක පොලිස් ලොක්කෝ වෙනස් වෙති

    පළාත් 03ක පොලිස් ලොක්කෝ වෙනස් වෙති

    උතුර,වයඹ සහ මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානීන්ගේ වෙනසක් සිදුව ඇත.

    මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සහයක සේවා ප්‍රධානියා ලෙස ඉකුත් 13 වෙනිදා ස්ථානමාරු කිරීමෙන් පසු ඒ වෙනුවට මධ්‍යම පළාත් පොලිස් ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ සහයක සේවා පොලිස් ප්‍රධානියා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාය.

    එදින එම තොරතුර වාර්තා කරනු ලැබූ අප සදහන් කරනු ලැබුවේ ඉදිරි දින කිහිපය තුළ නැවතත් මධ්‍යම පළාත් පොලිස් ප්‍රධානී තනතුර වෙනස් වනු ඇති බවය.

    ඒ අනුව වයඹ පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි සංජීව ධර්මරත්න මහතා මධ්‍යම පළාත් පොලිස් ප්‍රධානියා ලෙසත් මධ්‍යම පළාත් ප්‍රධානියා ලෙස පත්කරනු ලැබූ ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු පළාත් ප්‍රධානියා ලෙසත් පත්කර තිබේ.

    උතුරු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජගත් පලිහක්කාර මහතා ප්‍රජා පොලිස් ප්‍රධානියා ලෙසක් ප්‍රජා පොලිස් ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ලලිත් එස්. පතිනායක මහතා වයඹ පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත්කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.