තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ අවුරුද්දට ඩොලර් බිලියන 4ක්වත් ලංකාවට ඕනෑ - මුදල් ඇමති

    මේ අවුරුද්දට ඩොලර් බිලියන 4ක්වත් ලංකාවට ඕනෑ – මුදල් ඇමති

    පවතින ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට මේ වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3 – 4ක් පමණ බාහිර පාර්ශ්වයන්ගෙන් සපයා ගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි  මහතා පවසයි.

    මුල්‍යාධාර සපයා ගැනීම වෙනුවෙන් සහය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන 18 වැනිදා සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර රූපවාහිනී නාළිකාවක් වන බ්ලූම්බර්ග් වෙත කරුණු දැක්වීමක් ඔස්සේයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව, ඉන්දියාව, චීනය ආදි සෙසු පාර්ශ්ව සමඟින් ද මුල්‍ය සහය ලබාගැනීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන් ඇති බව ද අමාත්‍යවරයා එහිදී කීය.

    ඉන්දියාව දැනටමත් සහය ලබාදීමට එකඟ වී ඇති අතර චීනය සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අප්‍රේල් 18 වෙනිදා වොෂින්ටනයේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවත්, සියල්ල හොඳින් සිදුවුවහොත් සතියකට පසු හදිසි සහන අරමුදල් බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා එහිදී පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img