fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේන සුදු හමට කිරි කළු හමට කැකිරි වෙන හැටි WHO ලොක්කා කියයි

    යුක්‍රේන සුදු හමට කිරි කළු හමට කැකිරි වෙන හැටි WHO ලොක්කා කියයි

    කළු ජාතිකයින් මුහුණ දෙන ගැටලුවලට සුදු ජාතිකයින්ගේ ගැටලුවලට මෙන් අවධානයක් ජාතන්තර ප්‍රජාව යොමු නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් චෝදනා කරයි.

    ඒ යුක්‍රේන ගැටුම්වලට අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයේ ගැටලුවලට ලෝකය අවදානය යොමුකිරීම අතර විශාල පරතයක් පවතින බවද වෛද්‍ය ගෙබ්‍රියේසස් පෙන්වාදෙයි.

    ඉතියෝපියානු ජාතිකයෙකු වන වෛද්‍ය ගෙබ්‍රියේසස් පවසන්නේ යුක්‍රේන මානුෂීය අර්බුදයට ලබාදෙන අවාදනයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් අනෙකුත් මානුෂීය අර්බුද වලට ලබාදෙන බවද තම රට මුහුණ දෙන අර්බුදයට ඉතාම අඩු අවාදනයක් යොමුව ඇති බවයි.

    “මම අවංකව කියනවා නම් මානව ප්‍රජාවේ සෑම පාර්ශවයකටම එකහා සමානව සලකන්නේ නැහැ. ඇතැමුන් තවත් අනෙක් අයට වඩා විශේෂයිත මම ඒක දැඩි වේදනාවකිනුයි කියන්නේ. මොකද ඒක මම හොදින්ම දකිනවා. ඒත් පිළිගන්න අපහසු වුනත් ඒක් සත්‍ය වශයෙන්ම සිදුවෙනවා.” යනුවෙන්ද ඔහු පවසා තිබේ.

    ඉතියෝපියාවේ ටිග්රේ වැසියෙකු වන වෛද්‍ය ගෙබ්‍රියේසස් පවස්සේ ‟අපිමේ කතා කරන මෙහොත වෙනකටත් ජනයා කුසගින්නේ මිය යනවා.” යනුවෙනුයි. එසේම දිනකට අත්‍යාවශ්‍ය ආහාර රැගත් ට්‍රක් රථ සියයක් පමණ අවශ්‍ය කරන බවද ඔහු පෙන්වා දෙයි.

    ටිග්රේ කළාපයේ ඇති වු ගැටුම් හේතුවෙන් දහස් ගණනකට සිය ජීවිත අහිමි වූ අතර තවත් විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ. මෙම ගැටුම් හේතුවෙන් එම කාලපයේ දැඩි ආහාර හිඟයක් නිර්මාණය වී තිබුණද ඒ සම්බන්ධයනේ ගෝලීය වශයෙන් යොමුව තිබෙන අවාදනය ඉතාම අඩුමට්ටමක පවතින බවට චෝදනා ඒලලවේ.

    මේ අතර යේමනයේදී දැඩි මානුෂීය අර්බුදයක් පවතින් අතර ඇෆ්ගනිස්ථානයේදී මේවන විට දැඩි ආහාර අර්බුදයක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මෙම අර්බුද සම්බන්ධයෙන් සහ පීඩා විදින එම ජනතාවට සහය වීමට ගෝලීය වශයෙන් ඉතාම අඩු අවාදයක් යොමුව තිබීම ඉතාම කණගාටුදායක සිදුවීමකි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.