fbpx
තවත්
    මුල් පිටුවතෙවැනි ඇසකතරගමට එන අවුරුදු කුමාරයා

    කතරගමට එන අවුරුදු කුමාරයා

    කාගෙත් ආදරය දිනා ගත්තු අපේ වාසනා මේ දවස් වල විවේකයෙන් ඉන්න නිසා මෙදා පාර කතරගම මහා දේවාලයේ අවුරුදු පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන රාජකාරි පැවරෙන්නේ කැලණිය රාජමහා විහාරයේ කණ්ඩුල ඇතුට.

    රුහුණු මහා කතරගම දේවාලයේ ඉතිහාස කතාවේදී කණ්ඩුල කියන නම විශේෂයෙන් සඳහන් වෙනවා. දුටුගැමුණු මහ රජු විසින් රුහුණු මහා කතරගම දේවාලය ඉදි කිරීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය කිරීමට නියම කරලා දෙවිහාමුදුරුවන් වැඩව වීමේ භාරදූර රාජකාරිය තමන්ගේ මංගල හස්තියා වුන කඬොල් හෙවත් කණ්ඩුලට පවරනවා. ඉතිං එදා ඒ කණ්ඩුල ඇතු ඉටු කළ භාරදූර රාජකාරිය, අද කැලණියේ කණ්ඩුල ඇතු ඉටු කරන්නට සුදානම්.

    කැලණියේ කණ්ඩුල කියන්නේ කතරගමට අමුත්තෙක් නෙමෙයි. කණ්ඩුල අවුරුදු කීපයක් කතරගම පෙරහැරවල රාජකාරි කරලා තියෙනවා වගේ ම කණ්ඩුලත් එක්ක රත්නපුරේ විවේකයෙන් කාළය ගත කරන යාලුවෙක් තමයි කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරයට අයත් තරිඳු අලියා. පසුගිය වසරේ ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මංගල්‍ය පෙරහැරේ අපේ වාසනා කරඬුව වැඩමවන අවස්ථාවේ කණ්ඩුල දෑලේ සගයෙක් විදිහටත් ගමන් කරනු ලැබුවා. ඒ වගේ ම 2021 වසරේ රත්නපුර මහ සමන් දේවාල පෙරහැරේත් වාසනාගේ එක් දෑල සගයෙක් වුනේ කණ්ඩුල.

    කණ්ඩුල දැන් ලංකාවට අයිති සම්පතක් වුනාට එයා උපත ලබන්නේ සියම් දේශයේ, නැත්නම් තායිලන්තයේ දී. ඒ 1987 වසරේ.

    පසුකාලීනව තායිලන්තයේ නමවන රාම රජුගේ අනුමැතියෙන් මෙරටට පිරිනැමෙන කණ්ඩුලගේ භාරකාරීත්වය හිමිවන්නේ ඓතිහාසික කැලණිය රජ මහා විහාරයට. කණ්ඩුල ලංකාවට එන්නේ 2001 වසරේ දී.

    එදා පටන් ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යය, රුහුණු මහා කතරගම පෙරහැර, රත්නපුර මහ සමන් දේවාල පෙරහැර , කැළණිය දුරුතු මහා පෙරහැර, කෝට්ටේ ඇසළ පෙරහැර ආදී පෙරහැර ගණනාවකටම කණ්ඩුල තමන්ගේ රාජකාරිමය දායකත්වය සපයනවා.

    අවුරුදු දවසට කලින් ම කණ්ඩුල කතරගමට එන බව තමයි අපිට දැන ගන්න ලැබුනේ. කණ්ඩුල ඇතුළුව අවුරුදු පෙරහැර මංගල්‍යයට සහභාගී වෙන අලි ඇත් යාලුවෝ ගැන වැඩි විස්තර දැන ගන්න අලි වාඩිය සමඟ රැඳී ඉන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.

    උපුටා ගැනීම – අලි වාඩිය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.