fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොඩකවෙලදී අඹුසැමි යුවළක් ඝාතනය කෙරේ

    ගොඩකවෙලදී අඹුසැමි යුවළක් ඝාතනය කෙරේ

    ගොඩකවෙල පල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර තිබේ.

    අවුරුදු අසූ දෙකක් වයසැති සැමියා සහ අවුරුදු හැත්තෑ පහක් වයසැති බිරිඳ මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි ගොඩකවෙල පොලිසිය සඳහන් කළේය.

    අසල නිවසක පදිංචි මෙම අඹුසැමි යුවළගේ පුතා අද උදෑසන මව්පියන්ගේ දුක සැප බැලීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් ඝාතනය වී ඇති අයුරු දැක පොලිසියට දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    බිරිඳගේ සිරුර ගෙවත්තේ ද සැමියාගේ මළ සිරුර නිවස තුළ ද තිබී ඇත.

    දෙදෙනාම ඝාතනය කර ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බව පොලීසිය සඳහන් කරයි.

    මෙම ඝාතනය සොරකමක් හෝ මංකොල්ලයක් මුල්කරගෙන සිදු වූවක් නොවන බවත් බොහෝ විට වෙනත් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

    අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පොලිස් නිල සුනඛයින් ඇඟිලි සලකුණු විශේෂඥයින් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.