fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරක් හොරු දෙදෙනෙක් වෙඩි කා මරුට

    හරක් හොරු දෙදෙනෙක් වෙඩි කා මරුට

    හම්බන්තොට ප්‍රදේශයේ ගවපට්ටියකින් මසට මැරීමට හරක් සොරකමේ නිරතව සිටි පිරිසකට ගවපට්ටි හිමිකරු විසින් කළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇත.

    මෙම වෙඩි තැබීම අද අළුයම් කාලයේදීය. පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇති ආකාරයට සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් කැබ් රථයක් රැගෙන හරක් හොර කමේ ගොස් තිබේ.

    ගවපට්ටි හිමිකරු කළ වෙඩි තැබීමෙන් තුවාල වූ දෙදෙනාව සෙසු දෙදෙනා විසින් අගුණුකොලපැලැස්ස රෝහලට ඇතුලත්කර ඇති අතර එහිදී පවසා ඇත්තේ රිය අනතුරක් සිදුවූ බවකි.

    ව්‍යාජ තොරතුරු රෝහලට ලබාදෙමින් වෙඩි වැදුණු දෙදෙනාව ඇතුලත් කිරීමෙන් අනතුරුව සෙසු දෙදෙනා පළාගොස් ඇති බව පොලීසිය කියයි.

    අනතුරුව තුවාලකරුවන් දෙදෙනා මිය ගොස් ඇති අතර වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල් බලධාරීන් ඒ බව අගුළුකොලපැලැස්ස පොලීසියට දැනුම් දී තිබේ.

    රෝහලට දැනුම් දී තිබී ඇත්තේ මාමඩල රත්නවීර පාළම ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවකි. ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනතුරක ලක්ෂණයක් නොමැති වූ බැවින් දීර්ඝ විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් ආරම්භකරනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ හරක් හොරකමේ ගොස් ඔවුන් වෙඩි වැදීමකට ලක්ව ඇති බවකි.

    වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්දැයි මේ වන විට හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි. ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් මිය ගිය පුද්ගලයින් දෙදෙනාව ව්‍යාජ තොරතුරු දෙමින් රෝහල්ගතකල පුද්ගලයින් දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් පොලීසිය කියයි.

    මිය ගොස් සිටින පුද්ගලයින් දෙදෙනා සූරිය වැව සහ අම්බලන්තොට පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.