fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා හදිසි නීතිය පනවයි

    රට පුරා හදිසි නීතිය පනවයි

    අද (01) සිට රටටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

    ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම්වරයා විසින් එය නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යැයි අදහස් කරන බැවින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

    මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ කොන්දේසි දෙකක් මත හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසා ඇත.

    ඒ ජනාධිපතිවරයාගේ මතයට අනුව මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීම සඳහාය.

    මේ අනුව අද නිකුත් කර ඇති හදිසි නිතිය පැනවීමේ ගැසට් පත්‍රය පහත දැක්වේ.

    2273-86_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.