තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් මුදල් හුවමාරු ආයතන 2කට මහබැංකුවෙන් නියෝගයක්

    තවත් මුදල් හුවමාරු ආයතන 2කට මහබැංකුවෙන් නියෝගයක්

    තවත් මුදල් හුවමාරු කරන බලපත්‍රලාභී බැංකු දෙකකට වහාම ක්‍රියාත්මක වන පරිදි මහබැංකුවේ විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනුව ස්විස් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, කොළඹ 01(ප්‍රධාන කාර්යාලය) සහ කොළඹ 06 (ශාඛාව) සහ වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, කොළඹ 06 ශාඛාවට මහබැංකුව විසින් මෙම නියෝගය කර ඇත.

    ඔවුන්ට ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව බව මෙම නියෝගය කළ බව මහබැංකුව කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ තවදුරටත් සිදුකරනු ලබයි.

    අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට / අවලංගු කිරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

    පසුගියදා තවත් මුදල් හුවමාරු සමාගමක බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img