fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි විසන්ධිය නිසා අයිස් නිෂ්පාදනය නවතී

    විදුලි විසන්ධිය නිසා අයිස් නිෂ්පාදනය නවතී

    විදුලිය විසන්ධි කිරීමේ පැය ගණන දීර්ඝ කිරීම හේතුවෙන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට අයිස් නිෂ්පාදකයින් තීරණය කර තිබේ.

    අයිස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නුවන්ජිත් සෙල්ලහේවා මහතා කියා සිටියේ දිවයින පුරා අයිස් නිෂ්පාදනාගාර 120 ක් පමණ පවතින අතර සේවකයින්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවන බවයි.

    අයිස් මිදීම සඳහා පැය 24 ක කාලයක් අවශ්‍ය වන බවත් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අයිස් මිදීම සඳහා පැය 48 ක කාලයක් ගත වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

    අයිස් නිෂ්පාදනාගාරවල විදුලි ජනන කටයුතු ක්‍රියාත්මක වුවද ඩීසල් මිල ගණන් අනුව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

    සිය නිෂ්පාදන කටයුතු අඩපණ වීම හේතුවෙන් සේවකයින්ගේ වැටුප් ද ගෙවා දැමීමට නොහැකි වීම නිසා නිෂ්පාදනාගාර වසා දමනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව අයිස් නිෂ්පාදකයින් සඳහන් කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.