fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණමඩුව - ආඬිගම අනතුරු 2කින් දෙදෙනකු මරුට

    ආණමඩුව – ආඬිගම අනතුරු 2කින් දෙදෙනකු මරුට

    ආණමඩුව සහ ආඩිගම යන ප්‍රදේශවල සිදුවී ඇති අනතුරු දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.

    පසුගිය 13 වැනිදා මෙම අනතුරු සිදුවී ඇත.

    ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ පිහිටි දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය අසලදී එක් අනතුරක් සිදුවී ඇත. එම මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කර ඇත.ඒ වන විට ආණමඩුව දෙස සිට නවගත්තේගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් කාර් රථයක පදිකයා ගැටීමෙන් අනතුර සිදුවී ඇත. අනතුරත් සමගම මෝටර් කාර් රථය පලා ගොස් ඇත. එම රථයට අයත් අංක තහඩුව ප්‍රදේශවාසීන් විසින් අනතුර සිදුවූ ස්ථානයේ තිබී සොයා ගෙන පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.

    අනතුරින් තුවාල ලබා සිටි කුඩා ගල්ගමුව – කඩපොල පදිංචිකරුවෙකු වන නවරත්න හේනයලාගේ කරුණාසේන(අවු:70) යන අය ප්‍රතිකාර සදහා අණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ඒ වන විටත් තුවාලකරු මිය ගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.

    අනතුර සිදුවී පැය 1 ½ කට පමණ පසුව සිද්ධියට සම්බන්ධ මෝටර් කාර් රථය පැදවූ බව කියන රියදුරු ආණමඩුව පොලීසියට පැමිණ බාර වී ඇත.සැකකරු ආණමඩුව – පරමාකන්දගම පදිංචිකරුවෙකි.

    අනතුර සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

    මේ අතර,ආඩිගම – කීරියන්කල්ලිය මාර්ගයේ සිදුවී ඇති තවත් අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මුන්දලම පොලීසිය කියයි.

    ආඩිගම දෙස සිට කීරියන්කල්ලිය දෙසට යතුරු පැදියක් ධාවනය වී ඇත. කාන්තාවක් පදවා ඇති එම යතුරු පැදියේ ඇයගේ දරුවන් දෙදෙනාද සිට ඇත.

    අධික වේගයෙන් එම දෙසටම ධාවනය වී ඇති මෝටර් කාර් රථයක් එම යතුරු පසු කර යාමට උත්සාහ කර ඇත.එම අවස්ථාවේදී යතුරු පැදියේ දකුණු පස හැඩලය මෝටර් කාර් රථයේ ගැටී ඇති බව විමර්ශණවලදී හෙලිවී ඇතැයි පොලීසිය කියයි.

    මෝටර් කාර් රථයේ ගැටී ඇති යතුරු පැදිය කාන්තාව සහ දරු දෙදෙනාද සමග පෙරළී ගොස් ඇත. අනතුරින් එම තිදෙනාම සුළු තුවාල ලබා ඇත.

    අනතුරින් පසුව මෝටර් කාර් රථය වේගයෙන් පලා ගොස් ඇත. පලා යමින් සිටි මෝටර් රථය රියදුරුට පාලන කර ගත නොහැකිව විදුලි පහන් කණුවක සහ නුග ගසක ගැටී පෙරළී ගොස් ඇත.මෝටර් රථයේ සිටි දෙදෙනාම තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් එක් අයෙකු මිය ගොස් සිට ඇත.

    මිය ගොස් ඇත්තේ මුන්දලම – අගුණවිල පදිංචිව සිටි අට්ටම්පොල ආරච්චිලාගේ සැම්සන් නිහාල් (අවු:61) නම් අයෙකි.එම අනතුරින් තුවාල ලබා ඇති මෝටර් ථෙයේ රියදුරු වන මුන්දලම – කීරිමට්ටාව පදිංචිකරුවෙකු වන මොහාන් ලාල් වින්ද්‍යා මොහාන් (අවු:35) සහ යතුරු පැදියේ ගමන් කරමින් සිටි කෝරලාගේ තුෂාරි ප්‍රියංගනී,අයගේ දරුවන් වන වර්ණකුලසූරිය රශ්මික නේත්‍ර (අවු:02) සහ වර්ණකුලසූරිය සයිනි තිසුරිකා (අවු:06) යන අයවළුන් මුන්දලම දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    මෝටර් කාර් රථය පැදවූ රියදුරුගේ නොසැළකිල්ල සහ අධික වේගය අනතුරට හේතුව බව පොලීසිය කියයි.

    මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.