fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොරෝනා නීති කඩා පාටි දැමූ බ්‍රිතාන්‍ය අගැමතිට දැරියකගෙන් සැර ලියුමක්

    කොරෝනා නීති කඩා පාටි දැමූ බ්‍රිතාන්‍ය අගැමතිට දැරියකගෙන් සැර ලියුමක්

    කොරෝනා වසංගතය හේතුවෙන් සිය උපන්දින සැමරුම් දෙකක් අහිමිවූ බ්‍රිතාන්‍ය දැරියක් තම රජය විසින්ම පැනවූ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සැමරූ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයාට අපූරු ලියුමක් යොමුකර තිබේ.

    පසුගිය සමයේ බ්‍රිතාන්‍ය රජය විසින් උත්සව සහ ප්‍රිය සම්භාෂණ සඳහා සීමා පැනවූ සමයේදී අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් හට සිය නිල නිවසේදී උපන්දින සැමරුම් සහ උත්සව පැවැත්වීම සම්බන්ධනේ චෝදනා එල්ලවී ඇති මොහොතක අදාල දැරිය මෙම ලිපිය යොමුකර තිබේ.

    බ්‍රිතාන්‍යයේ දකුණු යෝක්ෂෙයර් හී වෙසෙන හත් හැවරිදි ඉසබෙල් නැමති දැරියක් විසින් මෙම ලිපිය යොමු කර ඇති අතර එහිදී ඇයි විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තම රජය විසින් පැනවූ නීති පිළිපදිමින් සියලුදෙනාටම ආදර්ශයක් සැපයිය යුතු බවටද පෙන්වා දී තිබේ.

    “ඇයි මට මගේ 6 වැනි සහ 7 වැනිද උපන්දිනය උත්සව පවත්වන්න බැරිවුන වෙලාවක ඔයා උපන්දින සැමරුවේ? ඊළඟ අවස්ථාවේදී නීති පිළිපදින්න. මම දන්නවා ඔයා තමයි නීති පැනවේවේ ඒත් ඒක නිදහසට කාරණයක් නෙමෙයි. මහ රැජිනටත් උපදෙස්වලට අනුව කටයුතු කරන්න සිදුවුනා” යනුවෙන් එම දැරිය සිය ලිපියේ සඳහන් කර තිබේ.

    ලිපිය සම්බන්ධයෙන් ඉසබෙල්ගේ පවුලේ සමාජිකයින් පවසා ඇත්තේ සිය දියණිය පිළිබඳ තමන් ආඩම්බරයට පත්වෙන බවත් පසුගිය සමයේදී බි්‍රතාන්‍ය අග්‍රමාත්‍යවරයාගේ ක්‍රියා කළාපය පිළිබඳ ගුවන් විදුලියෙන් දැනගැනීමට හැකිවීමෙන් පසුව ඇයි විසින්ම මෙවැනි ලිපියක් අග්‍රමාත්‍යවරයාට ලිවීමට තීරණය කළ බවයි.

    ඉසබෙල්ගේ මව වන එලිනෝර් පවසා ඇත්තේ දැරිය කොරෝනා මර්ධන නීති උල්ලංඝණය කරනු ලබන පුද්ගලයින් එලෙස නීති කඩකරනු ලබන්නේ ඇයි දැයි නිරන්තරයේ විමසා සිටි බවයි.

    අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ලවන අතර සිය පක්ෂය තුලින්ද දැඩි බලපෑමක් ඔහුට එල්ලවෙමින් පවතී.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.