fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එයාර්බස් සමාගම හා කටාර් ගුවන් සේවය පැටලෙයි

    එයාර්බස් සමාගම හා කටාර් ගුවන් සේවය පැටලෙයි

    ලොව ප්‍රධාන පෙළේ ගුවන් මගී ගුවන් යානා නිෂ්පාදන ආයතනයක් වන එයාර්බස් සමාගම සහ කටාර් ගුවන් සේවය අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    ඒ අනුව එයාර්බස් සමාගම විසින් කටාර් ගුවන් සේවයට ඒ321නියෝ වර්ගයේ ගුවන්යානා 50ක් සැපයීමට එකඟාවය පළකළ ගිවිසුම අවලංගු කිරීමටද තීරණය කර ඇත.

    එයාර්බස් සමාගම විසින් අවලංගු කල මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6කට අධික වන අතර ඊට කලක පටන් සාමගම් දෙක අතර පවතින ගැටුම හේතුවී ඇති බවටද වර්තාවේ.

    ඒ අනුව මෑතකදී එයාර්බස් සමාගම විසින් කටාර් ගුවන් සේවයට සැපයූ එයාර්බස් ඒ350එස් මාදිලියේ ගුවන්යානාවල බදේ ආලේපිත තීන්ත ගැලවීයාම මෙම ගැටුමට හේතුවී තිබේ.

    මෙලෙස ගුවන්යානා වල බදේ අලේපිත තීන්ත ගැලවීයාම සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය විසින් එයාර්බස් සමාගමට එරෙහිව ඉකුත් දෙසැම්බර් මාසයේදී ලන්ඩන් හී අධිකරණයක නඩුවක්ද ගොනු කර ඇත.

    මෙහිදී කටාර් ගුවන් සේවය විසින් අදාල ගුවන් යානාවල බදෙහි අලේපිත තීන්ත ගැලවීයාමත් සමඟ ගුවන්යානය අකුණු වලින් ආරක්ෂා කිරීමට නිර්මාණය කර ඇති තඹ දැල පිටත නිරාවණය වී ඇති බවටද චෝදනා එල්ල කර තිබේ.

    එහිදී ගුවන්සේවය විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙලෙස තීන්ත ගැලවීයාම හේතුවෙන් ගුවන්යානා වලටත් එහි ගමන්කරන මගීන්ගේ ජීවිත වලටත් දැඩි අවාදනමක් නිර්මාණය වී ඇති බවයි.

    ඒ අනුව කටාර් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් භාවිතය ගැනීමට නොහැකිවීම සම්බන්ධනේ එයාර්බස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600ක වන්දි මුදලක්ද ඉල්ලා තිබේ.

    කටාර් ගුවන්සේවයේ මෙම චෝදනා සම්බන්ධයෙන් එයාර්බස් සමාගම අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශකර ඇත්තේ කටාර් ගුවන් සේවය විසින් සිය ගුවන්යානා භාවිතයට නොගැනීමට කිසිඳු පදනමක් නොමැති බවයි.

    මේ අතර කොරෝනා වසංගය හේතුවෙන් කටාර් ගුවන්සේවය මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක සිය පාඩු අවම කරවා ගැනීමට තමන්ට චෝදනා කරන බවටද එයාර්බස් සමාගම මෙහිදී චෝදනා කර තිබේ.
    කෙසේ වෙතත් රොයටර් පුවත් සේවය විසින් පළ කළ ගවේෂණාත්මක වාර්තාවකට අනුව තවත් ගුවන් සේවා පහකට අයත් ඒ350එස් මාදිලයේ ගුවන් යානා වලද 2016 වර්ෂයේ පටන් තීන්ත ගැලවීයාම් වාර්තා වී ඇති බවයි.

    මේ අතර කටාර් ගුවන් සේවය විසින් ඊයේ දිනයේදී තීන්ත ගැලවී ගිය ගුවන් යානා වල වීඩියෝවක් සමාජ ජාල වලට මුදා හැරීමටද පියවරගෙන තිබිණි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.