fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සත්වෝද්‍යානවල සතුන්ගේ ජීවිත දැඩි අවදානමක - අනතුරු ඇඟවීමක්

    සත්වෝද්‍යානවල සතුන්ගේ ජීවිත දැඩි අවදානමක – අනතුරු ඇඟවීමක්

    සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සතුන්‌ සතුන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවධානම්‌ තත්ත්වයක්‌ මතුචී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සතුන් මියයාමට හේතුව පශ්‍ර වෛද්‍ය නිලධාරීන්‌ බව පවසමින්‌ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ යෙදී සිටි කඩාකප්පල්කාරී පිරිස නැවත සේවයට වාර්තා කිරීම හා අධක්ෂ ජනරාල්‌වරියගේ තාවකාලික වැඩ තහනම්‌ කිරීමෙන්‌ අනතුරුව මෙම තත්වය මතුව ඇතැයි ඔවුහු චෝදනා කරති.

    එමෙන්ම කිසියම්‌ අන්දමකින්‌ සතුන්ගේ ජීවිතවලට හානි කර පශු වෛද්‍ය නිලධාරීන්‌ මත එම වරද පටවා ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක්‌ උද්ගත වීමේ අවදානමක්ද ඇත.

    මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක්‌ අද දින පවත්වා එහිදී මෙම තත්ත්වය පිළිබඳව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට කළ බව ද එම සංගමය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.