fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීප් 750 ක් බස් 500ක් ගෙන්වන්න රජයෙන් තීරණයක්

    ජීප් 750 ක් බස් 500ක් ගෙන්වන්න රජයෙන් තීරණයක්

    ජීප් රථ 750ක් සහ බස් රථ 500ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිල දී ගැනීම සඳහා ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී ඇත.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 – 35 නව බස්රථ 500ක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, බස් රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 03කින් ලංසු කැඳවා තිබේ.

    එකී ලංසු ඇගයීමෙන් පසු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි ආසන 32 නව බස්රථ 500ක් මිල දී ගැනීමේ ‍ප්‍රසම්පාදනය ඉන්දියාවේ අ‍ශෝක් ‍ලේලන්ඩ් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ජීප් රථ 150ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Line of Credit) යටතේ මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සමාගම් වෙතින් ලංසු කැඳවා ඇත.

    , අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහීන්ද්‍රා සහ මහීන්ද්‍රා සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදි‍රිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.