fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිල්ලෙ සොයා ගිය වසරේ ස්පාඤ්ඤයට ගිය 4400කගේ සිහින බොඳවෙයි

    මිල්ලෙ සොයා ගිය වසරේ ස්පාඤ්ඤයට ගිය 4400කගේ සිහින බොඳවෙයි

    ගතවූ වසර තුල මුහුදු මාර්ගයෙන් ස්පාඤ්ඤයට ඇතුළු වීමට තැත්කළ පුද්ගලයන් 4400 දෙනෙකු අතුරුදන් හෝ මරණයට පත්ව ඇති බවට අනාවරණය වේ.

    මෙලෙස අතුරුදන් හෝ මරණයට පත්වූ පිරිස අතරට ළමුන් 205 දෙනෙකුද ඇතුලත් බවට වාර්තා වේ.

    ඒ අනුව 2021 වර්ෂයේදී මෙලෙස අතුරුදන් හෝ මරණයට පත්වූ සංඛ්‍යාව 2020 වර්ෂයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වෝකින් බෝඩර්ස් සංවිධානය සඳහන් කරයි.

    වෝකින් බෝඩර්ස් සංවිධානය සඳහන් කරන අන්දමට ඉතා අනතුරුදායක ලෙසින් බෝට්ටු මගින් පුද්ගලයින් ස්පාඤ්ඤයට ඇතුළුවීමට උත්සාහ කරයි.

    අදාල සංවිධානය පවසන අන්දමට බහුතරයක් අනතුරු කැනරි දූපත් වෙත පැමිණීමට තැත්කිරීමේදී සිදුව ඇති අතර එහිදි අතුරුදන්වූවන් බොහොමයක් මරණයට පත්ව ඇතිබවට සැකකරයි.

    ස්පාඤ්ඤ රජයට අනුව ඉකුත් වසරේදී පුද්ගලයන් තිස් නවදහසක් පමණ සරණාගතයින් පැමිණ තිබේ.

    කෙසේවෙතත් ස්පාඤ්ඤයට පැමිණෙන අතරතුරදී අතුරුදන් හෝ මරණයට පත්වූවන් පිළිබඳ ස්පාඤ්ඤ රජය තොරතුරු රැස් කරගැනීමක් සිදු නොකරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.