තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කේප්ටවුන් පාර්ලිමේන්තුව ගිනිගනී

    කේප්ටවුන් පාර්ලිමේන්තුව ගිනිගනී

    දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අද උදෑසන ගින්නට හසු වී තිබේ.

    එහි දුර සිට ගිනි දළු සහ කළු දුමාරයක් දක්නට ලැබුණු බව එරට වාර්තා පවසයි.

    අලුයම 5 ට පමණ ආරම්භ වූ ගින්නෙන් ගොඩනැගිල්ල තුළ ගිනිදැල් පැතිර ගොස් ඇති බව නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ආරක්ෂාව පිළිබඳ නගරාධිපති කමිටු සාමාජික ස්මිත් පවසන පරිදි ගින්න කෙතරම් දරුණුද යන්න දැනටමත් “සමහර බිත්තිවල ඉරිතැලීම් වාර්තා වී ඇති” බවයි.

    මුලින් එම ස්ථානයට දිව ගිය ගිනි නිවන භටයින් දුසිම් ගනනක් තවත් සම්පත් උපකාර ඉල්ලා සිටියහ. “වහලය මත ඇති තාර පවා දිය වෙමින් පවතී, එය දැඩි තාපය පිළිබඳ ඇඟවීමක්” යැයි කේප් ටවුන් නගරයේ ගිනි හා ගලවා ගැනීමේ සේවයේ ප්‍රකාශක ජෙරමයින් පැවසීය. ගොඩනැගිල්ල කඩා වැටේ යැයි බියක් පවතින බවද ඔහු පැවසීය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img