තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අසභ්‍ය ප්‍රකාශන තහනමට අදාල ගැසට්ටුව බල රහිත කෙරේ

    අසභ්‍ය ප්‍රකාශන තහනමට අදාල ගැසට්ටුව බල රහිත කෙරේ

    අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කර තිබේ.

    අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කරන්නේ එම පනත් කෙටුම්පත පිළිබඳ සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව පසුගිය කාලය තුළ කළ කරුණු දැක්වීම් සලකා බලා මේ පියවර ගත් බවය.

    මෙම නීතිය ගෙන ඒමට හේතු වූයේ බාලවයස්කර දරුවන්ගේ සුබසුද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මිස භාෂණයේ නිදහස ට බාධා කිරීමට නොවන බවද ලේකම්වරයා අවධාරණය කරයි.

    එහෙත් මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබේ.

    මේ පිළිබඳ සිවිල් සංවිධාන , ශ්‍රී ලංකා නීතිඥ සංගමය , අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනු කමිටුව හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අලි සබ්රි මහතා උපදෙස් දුන් බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img