fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා

    අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා

    අපවත්වී වදාල බුද්ධංග ආනන්ද හිමියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 31 වෙනිදා සවස 3.00ට අම්පාර බුද්ධංග ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
    මේ වන විට උන් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කර ඇත. හෙට දින (30) පස්වරු 1.00ට අම්පාර බුද්ධංගල අරණ්‍ය සේනාසනයට ගුවනින් වැඩම කරවීමට නියමිතය.

    බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලෙස සේවය කළ මැන්ඩිස් වීරසේකර හා සුමනා වීරසේකරට දාව 1943 අප්‍රේල් 29 වන දා උපත ලද ආනන්ද වීරසේකර දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. කොළඹ නාලන්දා විද්‍යාලයේ මූලික අධ්‍යාපන කටයුතු හැදෑරූ අතර පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා ලෙස පාපන්දු කණ්ඩායමට නායකත්වය ලබා දෙන ලදී. එසේම ඔහු ශ්‍රී ලංකා තරුණ පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ලදී. පාසල් විවාද කණ්ඩායමේ චතුර කථිකයෙකු ලෙස දක්ෂතා පෙන්වූ අතර නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කරන ලදී. නාලන්දා විද්‍යාලය තුල එකල දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස මහත් වූ සේවාවක් නාලන්දා මාතාවට සිදු කරන ලදී.

    1964.03.26 දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන අතර 1998 වසරේදී මේජර් ජෙනරාල් වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සක්‍රිය ජීවිතයෙන් සමුගන්නා ලදී. මෙම සේවා කාලය තුල විවිධ තනතුරු හෙබ වූ අතර වැරදි මගට යොමු වූ තරුණයන් යහමගට ගැනීම සඳහා පුනරුප්ථාපන කොමසාරිස් ලෙස අනගිභවනීය සේවයක් ඉටු කරන ලදී. විවිධ වූ දේශීය හා විදේශීය පුහුණු සේවා මගින් පන්නරය ලැබූ ආනන්ද වීරසේකර උත්තම සේවා පදක්කම, පූර්ණ භූමි පදක්කම ඇතුළු විවිධ වූ පදක්කම් සහ සම්මානවලට යුධ හමුදා දිවිය තුල පාත්‍ර විය.

    එමෙන්ම ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනයේ උප සභාපති ලෙසද හමුදා ජීවිතයෙන් අනතුරුව කටයුතු කරන ලදී.
    2007 මැයි 01 වන දා බුද්ධංගල අරණ්‍ය සේනාසනයේදී බුද්ධංගල ආනන්ද නමින් පැවිදි දිවියට ඇතුලත් විය.

    2008 වසරේදී උපසම්පදා ලබා ගත් බුද්ධංගල ස්වාමීන් වහන්සේ තමන්ගේ පැවිදි දිවිය අර්ථවත් කරමින් දෙස් විදෙස් බණ, භාවනා, ධර්ම සාකච්ඡාවල නියැලෙමින් මහත් වූ ශාසනික සේවාවක් ඉටු කරන ලදී.

    “කාය සිල්මාතා” කෘතිය ඇතුළු ධර්ම කෘතීන් පරිවර්ථනය කල ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙනින් වහන්සේලා වෙනුවෙන් යශෝධරාරාමය ඉදි කරන ලදී. සීලාධී ගුණ ධර්ම වලින් ප්‍රශස්ථ උන්වහන්සේ බුද්ධ ශාසනයට පමණක් නොව දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ අහිංසක අසරණ ජනතාවට සරණක් වෙමින් අර්ථවත් ජීවිතයක් ගත කර 2021 දෙසැම්බර් මස 28 වන දින වසර 78 ක් ආයු වළඳා අපවත් විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.