fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්තිරුක්කෝවිල් ඛේදවාචකය ගැන සොයා බලන්න පොලිස්පති අම්පාරට

    තිරුක්කෝවිල් ඛේදවාචකය ගැන සොයා බලන්න පොලිස්පති අම්පාරට

    සී.ඩී. වික්‍රමරත්න මහතා තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිරීක්ෂණයක් සඳහා අද අම්පාරට ගොස් තිබේ.

    මෙම ගමනේදී මිය ගිය පොලිස් නිලධාරීන්ගේ නිවෙස්වලට ගොස් එම නිලධාරීන්ට අවසන් ගෞරවය දැක්වීමටද නියමිතය.

    මෙම ඛේදවාචකය ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ මානසික පීඩනය මෙම අවාසනාවන්ත සිදුවීමට මුල්වී ඇති බව පෙනී යන බවයි.

    තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙක් පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරමින් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට තුවාල සිදුකරනු ලැබුවේ පෙරේදා රාත්‍රියේදීය.

    නිවාඩු ලබානොදීමක් මුල්කරගෙන මෙම වෙඩිතැබීම සිදුව ඇති බව මූලික විමර්ශනවලින් කියැවුනත් එම නිලධාරියා ඉකුත් 17 වෙනිදාද නිවාඩු ලැබ නිවෙස වෙත ගොස් පැමිිණ ඇතිබව පෙනී ගොස් ඇත. නැවතත් ඔහු සාධාරණ හේතුවක් නොමැතිව නිවසට යන්නට නිවාඩු ඉල්ලා ඇති අතර ඊට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනුමැතිය නොලැබීම මෙම වෙඩි තැබීමට මුල්වී තිබේ.

    මෙම නිලධාරියා මෙම පොලිස් ස්ථානයේ සේවයට එක්ව වසරක කාලයක් නොමැති බවත් මෙයට පෙර සේවය කළ ස්ථානවලදීද මෙවන් නිවාඩු ගැටළු තිබී ඇති බව මේ වන විට පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.