fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොරටු සරසවියට ප්‍රහාරක ගුවන් යානයක්

    මොරටු සරසවියට ප්‍රහාරක ගුවන් යානයක්

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මොරටුව විශ්ව විද්‍යාලයට ප්‍රහාර ගුවන් යානාවක් ප්‍රදානය කර තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සක්‍රීය සේවයෙන් ඉවත් කරන ලද මිග්-27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත මෙලෙස ප්‍රදානය කර ඇත.

    ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය නිරංපන් ගුණවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම පසුගියදා (20) සිදු විය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.