තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ නිරීක්ෂයට ලක්වූ බිදුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය

    ජනපතිගේ නිරීක්ෂයට ලක්වූ බිදුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය

    ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

    කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරයි. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ.

    කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ පළාතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා ආදර්ශන ගොවිපොළ ද මෙම ස්ථානයේ පවත්වාගෙන යයි.

    කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන ආදර්ශ ගොවිපොළ නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු මෙහි සිදු කෙරෙන සේවවාන් වඩාත් පුළුල් කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනපිටිය සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img