fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් ලිපටත් මාස 3කින් වෙන්න යන දේ

    ගෑස් ලිපටත් මාස 3කින් වෙන්න යන දේ

    ප්‍රමිතියෙන් යුතු ගෑස් උදුන් පමණක් අලෙවි කිරීමට සැලැස්වීම සඳහා ගෑස් ලිප් සඳහා නියාමනයක් ගෙන ඒමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මාස තුනක් වැනි කාලයක් තුලදී ගෑස් උදුන් ප්‍රමිතියෙන් යුතු ඒවා පමණක් රටවල භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.

    ජනාධිපති මාධ්‍ය කියන දේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ගෑස් අර්බුදය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතරතුර පෙනීගිය කරුණුවලට අනුව ගෑස් බටය, රෙගියුලේටරය ද නියාමනයට ලක් වීම අනිවාර්ය බවයි.

    නියමිත ප්‍රමිතියෙන් යුත් ගෑස් බටය සහ රෙගියුලේටරය ගෑස් සමාගම් විසින් ආනයනය කිරීමට සලස්වා ඊට රජය විසින් පාලන මිලක් යෙදවීම වඩා ප්‍රායෝගික බවත් හෙතෙම පැවසීය.

    ගෑස් අර්බුදය විසඳීම සඳහා පත්කරන ලද කමිටුව විසින් අද ජනාධිපතිවරයාට එහි වාර්තාව ලබා දීමට ලබාදීමට නියමිත ය.

    ලේකම්වරයා කියා සිටියේ පවතින ගෑස් ගැටලුව සති දෙකක් තුළ හැකිතාක් දුරට අවසන් කරන බවත් නමුත් ගෑස් ලිප හා ඇසෙසු අංගෝපාංග නියාමනය ද ඇතුලුව මාස තුනක් ඇතුළත මුළුමනින්ම මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.