තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් ලොක්කෝ 06 කට හදිසි මාරුවීම්

    පොලිස් ලොක්කෝ 06 කට හදිසි මාරුවීම්

    නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ නව රාජකාරි පැවරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

    ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.යූ. ගුණරත්න මහතා ඔහු මෙතෙක් දරණ එම තනතුරුවලට අමතරව පොලිස් නාවික හා සංචාරක දිසාවේදද වැඩ ආවරණය කිරීමට ඒ අනුව පත්කර තිබේ.

    මෙතෙක් පොලිස් නාවික හා සංචාරක දිසාවේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා මාතර හා හම්බන්තොට දිසාවේ පොලිස් ප්‍රධානියා ලෙසත් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වී.ජී.ඩී.ඒ. කරුණාරත්න මහතා අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් පත්කර ඇත.

    අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින එච්.සමුද්‍රජීව මහතා කිළිනොච්චිය දිසාවේ පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ. කිළිනොච්චියේ පොලිස් ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජෙ.එස්.වීරසේකර මහතා රත්නපුර දිසාවේ පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත.

    මෙම ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස්පතිතුමා විසින් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img