fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංධානගතවීමට ආණ්ඩුවේ පක්ෂ සමඟ ශ්‍රීලනිපය සාකච්ඡා

    සංධානගතවීමට ආණ්ඩුවේ පක්ෂ සමඟ ශ්‍රීලනිපය සාකච්ඡා

    එක්සත් ජනතා නිදහස් සංධානය නැවත ගොඩනැඟීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇති බවත් ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ සමඟ සංධානගතවෙමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කරයි.

    “රට ඉතාම වේගයෙන් අරාජික තත්ත්වයකට ගමන් කරමින් තියෙනවා. කිසිවක් කරකියා ගන්න බැරි තත්වයේ කණ්ඩායමක් විදිහට රජය ජනතාව පිළිගනිමින් ඉන්නවා. ඒ නිසා මා හිතන්නේ රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නට අවශ්‍යයි. මේ වෙලාවේ රජයට පුළුවන්කමක් තියෙනවා ඕනෙනම් විරුද්ධ පක්ෂය සහ සුළු පක්ෂ සමඟ සුහඳව සාකච්ඡා කරන්න. ඒකිසිවක් සිදුවන්නේ නැහැ. බරපතල අවපාතයක් ඉදිරියේ රජය අතපත ගාමින් ඉන්නව කියලයි මම දකින්නේ.“ යැයිද ඔහු කීය.

    මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සඳහන් කළ අතර එහිදී “ඇයි ඔබතුමා රජයේ ඉන්න නායකයින් සමඟ මේ ගැන සාකච්ඡා නොකරන්නේ“ යැයි මාධ්‍යය කළ විමසුමේදී ඔහුගේ පිළිතුරු වූයේ “ සාකච්ඡා අපි ඉල්ලල තියෙනවා. නිරත්නතරයෙන් මේ පිළිබදව කතාකරනවා. එවැනි දෙයක් සිදුවෙන්නේ නැහැ. විනයක් නැති පාර්ලිමේන්තුවක් දක්වා ගිහිල්ල තමන්ගේ ගෝලබාලයින්වත් පාලනය කරගන්න බැරි තරමට ආණ්ඩුව යම් අර්බුදයකට පත්වෙලා. එහෙම නැත්නම් ඒ අය ලබා ජ්‍යෙෂ්ඨ නායකයින්ට උසුළු විසුළු පිළිතුරු දෙන තරමට රට පත්වෙලා තිබෙනවා.“ යැයි කියාය.

    ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සංධානයක් ලෙස තරඟ කරන්නේ මාධ්‍යවේදීන් කළ විමසුමේදී මහාචාර්යවරයාගේ පිළිතුර වූයේ “ අපි ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා සෑම ආසනයකටම සෑම කොට්ඨාශයකටම අවශ්‍ය බලමුළු සංවිධානය කටයුතු ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ වෙනකොට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එකඟතාවය මත පක්ෂයේ නායකත්වය යටතේ බිහිවුණු ඒ පරණ එක්සත් ජනතා නිදහස් සංධානය, පොදුජන එක්සත් පෙරමුණ , නැවත වතාවක් සක්‍රීය කරමින් එහි නීතිමය තත්ත්වයන් වර්ධනය කර ගනිමින් අපි නායක කාරකාදීන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඒ සංධාන ගොඩනැගීමේ කටයුතුවල නිරන්තරයෙන් නිරත වී සිටිනවා. ආණ්ඩුව ඇතුලේ ඉන්න සියළු සහෝදර පක්ෂ සමඟ සංධානගත වෙමින් සිටිනවා. කතාකරමින් ඉන්නවා. නිරන්තරයෙන් ඒ රැස්වීම් පැවැත්වෙනවා. ඒවට අපේ පක්ෂ නායකකාරකාදීන් සහභාගි වෙනවා.“ යැයි කියාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.