තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් සංයුතිය පරීක්ෂා කරන සාම්පල වාර්තාවක් මොරටුව සරසවියට

    ගෑස් සංයුතිය පරීක්ෂා කරන සාම්පල වාර්තාවක් මොරටුව සරසවියට

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට යොමුකළ ගෑස් සාම්පල් දෙකෙන් එකක් පිළිබඳ වාර්තාව මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාර විද්‍යා අංශ ප්‍රධානියා වෙත යොමුකළ බව පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබේ.

    ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය හා සංයුතිය පරීක්ෂා කිරීමට තවත් දිස්ත්‍රික්ක 7 කින් හෙට සාම්පල් ලබා ගෙන ප්‍රමිති ආයතනය වෙත යොමුකරන බව හෙතෙම කීය.

    අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.

    ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වු ගිනි ගැනීම් සිද්ධීන් ප්‍රදේශ කිහිපයක් වාර්තා වීමත් සමග සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුල ආන්දෝලනයක් හටගැනිණ.

    ගෑස් මිලදී ගැනීමත් භාවිත කිරීමත් පිළිබඳ පාරිභෝගික ජනතාව ද මේ වනවිට පසුවන්නේ ඒ පිළිබඳව යම් සැකයකින් සහ බියකින වන අතර ජනතාව තුල පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ඊයේ(26) කොළඹ ප්‍රදේශයේ වෙළඳපොලේ අලෙවියට තිබූ ගෑස් සිලින්ඩර සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගෑස් ටැංකි පුපුරා යාමක් සිදුව නොමැති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් ආයතනවල මතය අනුව සඳහන් කළ හැකි බවයි.

    රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය සහ කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලකින් ගෑස් කාන්දුවීමකින් සිදුවූ පිපිරීම් කිහිපයක් පසුගිය දිනවල වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img