fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධීවර බෝට්ටු නිසා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය උරණ වෙයි

    ධීවර බෝට්ටු නිසා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය උරණ වෙයි

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ ප්‍රංශයට අයත් මුහුදු කලාපයේ ධීවර කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබූ මතභේද උත්සන්න කරමින් ප්‍රංශ මුහුදු සීමාවේ ධිවර කටයුතු කළ බ්‍රිතාන්‍ය  බෝට්ටුවක් අත් අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රංශ බලධාරීන් විසින් බ්‍රහස්පතින්දා සිය මුහුදු කළාපයේ මසුන් මරමින් සිටි තවත් බෝට්ටුවකට අවවාද කරමින් සිය මුහුදු කළාපයෙන් පිටත් කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ ඉවත්විමත් සමඟ ප්‍රංශයට අයත් මුහුදු කලාපයේ ධීවර කටයුතු කිරීමටත් ප්‍රංශ ධිවරයින්ට බි්‍රතාන්‍යට අයත් මුහුදේ ධීවර කටයුතු කිරීමටත් බලපත්‍ර ලබාදීමට එකඟතාවකට පැමිණ තිබුණද පසු කාලීනව ඒ සම්බන්ධයෙන් විවිධ මතභේද නිර්මාණය විය.

    ඒ අනුව පසුගිය සමයේදී ප්‍රංශ ධිවරයින්ට
    බ්‍රිතාන්‍ය තුල සිය ධීවර කටයුතු කිරීමට නිසි ලෙස අවසර හිමවීමක් නොවුනු බවට චෝදනා එල්ලවීමක් සිදුවිය.

    එහි ප්‍රතිඵලය් ලෙස බ්‍රහස්පතින්දා දිනයේ බ්‍රිතාන්‍ය ධීවර බෝට්ටුවක් මෙලෙස අතඅඩංගුවට ගැනීම සිදුවිය.

    එම තත්ත්වයත් සමඟ ප්‍රංශ දැඩි ප්‍රතිපත්තිය සිටිමින් කටයුතු කරන බවක් පෙන්නුම් කළ අතර ඒ අනුව බ්‍රිතාන්‍ය ධීවර බෝට්ටුවලට ප්‍රංශ වාරයන් වලට ඇතුලු වීමට අවසර නොදීමටද බදාදා දිනයේදී තරණය කර ඇත.

    මේ අතර ප්‍රංශ විසින් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන නිෂ්පාදන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමටද සැලසුම් කර ඇති බවට වාර්තා වන අතරම ධීවර නිෂ්පාදන ගෙන ඒම තහනම් කිරීමටද නියමිත් බව ප්‍රංශ පුවත්සේවය වාර්තා කරයි.

    එමෙන්ම ඉදිරියේදී බ්‍රිතාන්‍යයට විදුලිය අපනයන කිරීම නවතා දැමීම සම්බන්ධනේද අවදානය යොමු කිරීමට නියමිත ප්‍රංශය සඳහන් කරන අතර ප්‍රවේගකාරීව කටයුතු නොකරන්නේ නම් බි්‍රතාන්‍යයේ අවධානය යොමුකර ගැනීම අපහසු බවද ප්‍රංශ බලධාරීන් පවසියි.

    ප්‍රංශයේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් මේවන තෙක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ප්‍රකාශයක් සිදු කර නොමැත. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශයේ ක්‍රියා කලාපය කණගාටුදායක සහ ප්‍රමාණකූල නොවන බවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.