තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල්ලවපොර කොළඹ සභාපති ක්‍රීඩා දූෂණ පරීක්ෂණ ඒකකයට කැදවයි

    මල්ලවපොර කොළඹ සභාපති ක්‍රීඩා දූෂණ පරීක්ෂණ ඒකකයට කැදවයි

    නෝර්වේ හී පැවති මල්ලවපොර ශුරතා තරගාවලියකට සහභාගිවීමට ගොස් ක්‍රීඩකයන්ගේ මුදල් ද රැගෙන පළා ගිය ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ උප සභාපති සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව කොළඹ මල්ලවපොර සංගමයේ සභාපති නිරෝෂන් පෙරේරා මහතාව ක්‍රීඩා වැරදි වංචා සහ දූෂණ විමර්ශන ඒකකයට සාක්ෂිකරුවෙක් ලෙස කැදවා තිබේ.

    මේ වන විට ඒ මහතා සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය හමුවේ ⁣පෙනීසිිිට ඇත.

    නෝර්වේ බලා යන කණ්ඩාම එරටදී පලායාමේ සූදානමක් ඇති බවට නිරෝෂන් මහතා කල්තියා බලධාරීන්ට අනතුරු ඇගවා තිබීම මෙම සාක්ෂිය ලබා ගැනීමට මුල්වී තිබේ.

    ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සම්බන්ධයෙන් තමා සතුව ඇති බොහෝ කරුණු අද හෙළිකරන බව නිරෝෂන මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img