fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කවදාවත් පාසල් නොගිය 15000ක් පොළොන්නරුවේ" - රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    “කවදාවත් පාසල් නොගිය 15000ක් පොළොන්නරුවේ” – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    “යහපාලන ආණ්ඩුව පාසල් දරුවන්ට ටැබ් දෙන්න කතා කල කාලේ වැසිකිලි නැති පාසල්වල වැසිකිළි ටික හදා දුන්නා නම් කොච්චර හොඳ දැ”යි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    දිඹුලාගල වැලිකන්ද රුහුණුකෙත කනිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා සමග එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

    “ග්‍රාමීය පාසල්වල වැසිකිළි පහසුකම් අඩුයි.බීමට ජලය පහසුකම් අඩුයි. ඒ මූලික ප්‍රශ්න නොවිසඳා දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම ප්‍රායෝගික නැහැ” යි ද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 9ට අමතරව පළාත් සභා පාසල් 244 ක් තිබෙන අතර ඒවායෙහි දරුවන් 90000 වඩා අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 5000කට වඩා එහි සේවය කරති.

    කිසිම දිනක පාසල් නොගිය 15000කට ආසන්න පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත්වන බවත් තවමත් පාසල් යා යුතු වයසේ සිටින එහෙත් පාසල් නොගිය දරුවන් 500කට වැඩි පිරිසක් නිවෙස්වලට වී සිටින බවද, රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    මෙම ගැටළු වලට අදාල වගකිවයුතු රජයේ නිලධාරීන් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්, දැනට පළාත් අධ්‍යාපන ලේකම් කලාප හා කොට්ඨාස අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.