fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නතෙන් ලැබෙන සුපිරි ශක්තියක් - හයිබ්‍රිඩ් ප්‍රතිශක්තිය ගැන නව සොයාගැනීමක්

    කොවිඩ් එන්නතෙන් ලැබෙන සුපිරි ශක්තියක් – හයිබ්‍රිඩ් ප්‍රතිශක්තිය ගැන නව සොයාගැනීමක්

    කොවිඩ් ආසාදිත වූ පසු එන්නත් ලබාගත් අයට ඇති වන සුපිරි-ප්‍රතිශක්තියක් ‍හා දෙමුහුන්-ප්‍රතිහක්තියක් පිළිබඳ විද්‍යඥයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ.

    ඒ කොවිඩ් පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ඉතාම ගැඹුරු සුපිරි ප්‍රතිශක්තියක් පිළිබඳ වය.

    නිව් යෝර්ක් නගරයේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් මෙය සොයාගෙන ඇති අතර ඔවුන් දැන් පර්යේෂණ කරන්නේ එය එසේ වන්නේ ඇයිද යන්න පිළිබඳ වය.

    මෙම නව සොයාගැනීම මගින් පෙනී ගොස් ඇත්තේ SARS-CoV-2 විසින් අනාගතයේදී මුදාහැරිය හැකි යැයි සිතන ඕනෑම ප්‍රභේදයකට එරෙහිව ඒවා බොහෝ විට සාර්‍ථක විය හැකි බව ය.

    එහිදී සිදුවන්නේ කලින් කොවිඩ් ආසාදනය වී ඇති අයෙකුගේ පළමු එන්නත මාත්‍රාව මෙහිදී ක්‍රියාකරනු ලබන්නේ, කොවිඩ් -19 පෙර නොතිබූ අයෙකුගේ දෙවන මාත්‍රාවෙන් පසු ඇතිවන ආකාරයේ ප්‍රතිශක්තිකරණ වැඩිදියුණුවීමක් මෙන් බවය.

    COVID-19 වලින් සුවය ලබා, එන්නත ලබාත් අයගේ සිරුර තුළ ඇතිවන ප්‍රතිශක්තිය මගින්, වඩා බරපතළ වෛරස විකෘති ප්‍රභේද විනාශ කිරීමට හැකියාව ඇති ප්‍රතිදේහ නිපදවන බවට සොයාගෙන තිබේ. එය ස්වභාවිකව දක්නට ලැබෙන ඕනෑම ප්‍රභේදයකට වඩා වැඩි ප්‍රතිරෝධයක් පෙන්නුම් කරන බව විද්‍යාඥයෝ පවසති.

    මෙම සුපිරි ප්‍රතිශක්තිකරණයම, කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාව මඟින් දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් ලෙස ප්‍රතිලාභ ලබාගත හැකි බව ඔවුන් පැහැදිලි කර සිටී.

    එසේනැතහොත් එන්නත් මාත්‍රාවන් අතර පරතරය දීර්ඝ කිරීමෙන් ද දෙමුහුන් ප්‍රතිශක්තිකරණයේ තත්ත්වයම අනුකරණය කොට ලබාගත හැකිය.

    මේ සියල්ල සරලව ගතහොත් කියැවෙන්නේ ඔබට කොවිඩ් වැළඳුණත් එන්නත ලබාගැනීමේ ඉතාම ගැඹුරු ආරක්ෂාවක් ලැබේ ය යන්නයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.