fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරිවෙළෙඳසැලක් දැන් මීගමුවෙත්

    සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරිවෙළෙඳසැලක් දැන් මීගමුවෙත්

    සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇතිකළ ‘සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්’ මීගමුව දක්වා සිය ජාලය තවදුරටත් පුළුල් කර තිබේ.

    අද (10) සිට මීගමුව ශාන්ත ජෝශප් වීදියේ අංක 180 දරණ ස්ථානයේ දී පාරිභෝගිකයින් සඳහා ග්ලෝමාර්ක් සුපිරිවෙළඳසැල් අත්දැකීම ලබාගැනීම වෙනුවෙන් දොරටු විවෘත වේ.

    රට පුරා වේගයෙන් ව්‍යාප්ත වන ග්ලෝමාර්ක් සුපිරිවෙළෙඳසැල් දාමය තුළ 11 වන ශාඛාව බවට මේ අනුව මීගමුව ශාඛාව පත්වේ.

    සොෆ්ට්ලොජික් හෝල්ඩින් පීඑල්සී හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා, සොෆ්ට්ලොජික් සුපර්මාර්කට්ස් (පීවීටී) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ඩල්බි මහතා සහ සොෆ්ට්ලොජික් සුපර්මාර්කට්ස් (පීවීටී) සමාගමේ අධ්‍යක්ෂ මෙහෙයුම් නටරාජන් ගෝවින්දරාජන් මහත්වරුන් විසින් මීගමුවේ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව.

    මීගමුව නව ග්ලෝමාර්ක් සුපිරිවෙළෙඳසැල මගින් ප්‍රදේශයේ සහ ඒ අවට සිටින ජනතාවට උසස් දේශීය හා ජාත්‍යන්තර සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු ඇත.

    ග්ලෝමාර්ක් මීගමුව ශාඛාවේ බිම්මහලේ දී සිල්ලර භාණ්ඩ අංශය ඔස්සේ බේකරි නිෂ්පාදන පෙළක්, උණුසුම් ආහාර, කාබනික නිෂ්පාදන මිලදී ගත හැකි අතර ඖෂධ ලබාගැනීම වෙනුවෙන් ආසිරි ෆාමසියක් ද පිහිටා ති‍බේ.

    එපමණක් නොව වර්ග මීටර් 4,300 ක් පුරා විසිරුණු පළමු මහලේ සොෆ්ට්ලොජික් මැක්ස් හි ඉලෙක්ට්‍රෝනික උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා වෙනුවෙන් වෙන් කරමින් පුළුල් පරාසයක අපූරු සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.

    මීගමුව අලෙවිසැල විවෘත කිරීමින් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි සභාපති/කළමනාකාර අධ්‍යක්‍ෂක අශෝක් පතිර‍ගේ මහතා පැවසුවේ, “මේ දෙවසර සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභියෝගාත්මක කාලයක්. සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සිය පාරිභෝගිකයින්ගේ හදවත් තුළ රැඳීමටත් සෑම විටම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත හොඳම දේ ගෙන ඒමට හැකි වූ ආකාරයත් මෙලෙසින් දැකීම ඉතාමත් ආඩම්බරයක්.

    මීගමුවේ GLOMARK හරහා, ජීවන රටාව වැඩිදියුණු කරන නිෂ්පාදන විිශාල ප්‍රමාණයක් ලබා දීමට මෙන්ම මීගමුවේ සිටින අයට පමණක් නොව මීගමුවට පැමිණෙන දෙස් විදෙස් පාරිභෝගිකයින්ට ද ආශ්වාදජනක සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමට අපි කටයුතු සලසා තිබෙනවා.

    කෙසේ වෙතත්, මෙම දුෂ්කර කාලය තුළ සොෆ්ට්ලොජික් අභිප්‍රාය වූයේ හොඳම දේ ගෙන ලබාදෙමින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීමයි. සොෆ්ට්ලොජික් මැක්ස් මඟින් බල ගැන්වෙන අංගසම්පූර්ණ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ පරාසයක්, ආසිරි ෆාමසි සමඟ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදන සමූහයක්, සොෆ්ට්ලොජික් ගෘහ භාණ්ඩ අංශය මඟින් තෝරා ගැනීමට අගනා ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහ රසවත් ආහාර රසවිඳිය හැකි බේකරියක් ඇතුළත් කිරීමෙන් පාරිභෝගිකයින්ට වැඩි පහසුවක් අත්විඳිය හැකිය.”

    මීගමුවේ පාරිභෝගිකයින්ට ඔක්තෝම්බර් 18 වනදා සිට www.glomark.lk හරහා ග්ලෝමාර්ක් ඩිලිවර් සේවාවන් සඳහා ප්‍රවේශය ලබා ගත හැකි අතර එමඟින් ඔවුන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමේ පහසුව සලසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.