fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ථූපාරාම දාගැබෙන් සොරාගත්තේ යැයි කියා ලක් ෂ 60 කට බුද්ධ ප්‍රතිමාවක් විකුණන්න...

    ථූපාරාම දාගැබෙන් සොරාගත්තේ යැයි කියා ලක් ෂ 60 කට බුද්ධ ප්‍රතිමාවක් විකුණන්න ගිය තුනක් ක ොටුවේ

    අනුරාධපුර ථූපාරාම දාගැබේ සංරක්ෂණ කටයුතුවලදී සොරාගත් පිළිම වහන්සේ නමක් බව හඟවමින් කිලෝ 22 ක් පමණ බරැති පිත්තලින් සකස් කළ බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 60 කට අලෙවි කිරීමට සූදානම් වූ තිදෙනෙක් පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ මෙහෙයුමකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

    එම පිළිමය තමන්ට ලැබුණේ පුරා විද්‍යා නිලධාරියෙකුගෙන් බව සදහන් කරමින් මෙම පුද්ගලයින් තිදෙනා එම පිළිමය අලෙවි කිරීමට සූදානම් වී තිබේ. එම පිළිමයට ඓතිහාසික වටිනාකමක් නොමැති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මිහින්තලය හා කහටගස්දිගිලියේ පදිංචිකරුවන්ය. අවුරුදු 40, 43 හා 45 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් සති කිහිපයක් තිස්සේ මෙම පිළිමය අලෙවි කිරීමට උත්සහයක නිරතව සිට ඇති බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    පෞරාණික බව පෙන්වීමට මෙම පිළිමය මඩේ ඔබා තිබී ඇති අතර පැහැය පවා වෙනස්කර ඇති බව සදහන්ය. ථූපාරාම දාගැබේ බව සදහන් කරමින් එම පිළිම වහන්සේ අලෙවි කිරීමට සැකකරුවන් ගණුදෙනුකරුවෙක් සොයමින් සිටින බවට තොරතුරු ලැබී ඇත්තේ විශේෂ කාර්යාංශයේ කන්තලේ ඒකකයේ නිලධාරීන්ටය. එහි ස්ථානාධිපතිවරයා තැරැව්කරුවෙක් ලෙස පෙනී සිටිමින් පිළිම වහන්සේ අලෙවි කිරීමට ගණුදෙනුකරුවෙක් සොයමින් සිටි පුද්ගලයින් මුණ ගැසී රුපියල් ලක්ෂ 75 කට පිළිමය අලෙවිකිරීමට ගැණුම්කරුවෙක් සිටින බවත් ගණුදෙනුව අවසානයේදී රුපියල් ලක්ෂ 25 ක් තමාට අවශ්‍ය බවත් එම නිලධාරියා කියා ඇත. එහෙත් එම ගණුදෙනුවට ඔවුන් කැමැත්තක් දක්වා නොමැත. පසුව භික්ෂූන් වහන්සේ නමක් පිළිමය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බව සදහන් කිරීමත් සමග ඊට ඔවුන් කැමැත්ත පළකර තිබේ. එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ලෙස පෙනී සිටි අනුරාධපුර විශේෂ කාර්යාංශ ඒකකයේ ස්ථානාධිපතිවරයා මෙම පිරිසට ඇමතුමක් දෙමින් ලක්ෂ 60 දක්වා පිළිම වහන්සේගේ මිල අඩුකර ගණුදෙනුව ඊයේ සිදුකිරීමට එකගතාවය ඇතිකරගෙන තිබේ. එහිදී පිළිමය අළෙවිකිරීමට සූදානම් වූ පුද්ගලයින් සදහන් කර ඇත්තේ ගණුදෙනුවට භික්ෂූන් වහන්සේ පැමිණිම අනවශ්‍ය බවත් ලියන මහත්තයා පමණක් මුදල් සමග එවන ලෙසත්ය. ඒ අනුව මෝටර් රථයක නැගුණු පොලිස් නිලධාරීන් මුදල්ද රැගෙන ඔවුන් පැවසූ අනුරාධපුර කෝමාරිකාවේ නිවසකට ගොස් ඇත. එහිදී මුදල් අඩංගු පෙට්ටිය ඔවුන්ට පෙන්වීමෙන් පසු පිළිම වහන්සේ ලබාදෙන විට සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පිළිම වහන්සේ රුපිියල් 75000 කට තමන් මිලදීගත් එකක් බවත් ත්‍රී රෝද රථයක් උකස්කර මිලදී ගත් බවත් සැකකරුවන් පවසා ඇත. එම පිළිමය පෞරාණික එකක් නොවන බව දැන ගෙනම මොවුන් මිලදී ගෙන ඇති බවත් පිළිම වහන්සේ ථූපාරාම දාගැබෙන් ලැබුණු එකක් බව සදහන් කර ඇත්තේ ඉහළ මිලකට අලෙවි කිරීමට බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.