තවත්
    මුල් පිටුවදේශීය පුවත්සතොස සුදුළූණු වංචාවට සොයමින් සිටි ව්‍යාපාරිකයා සී.අයි.ඩී.යට භාරවේ

    සතොස සුදුළූණු වංචාවට සොයමින් සිටි ව්‍යාපාරිකයා සී.අයි.ඩී.යට භාරවේ

    සතොස සුදු ළූණු වංචාවට පිට කොටුවේ තොග වෙළදාමේ නිරතව සිටින ව්‍යාපාරිකයෙක්ව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

    ඒ ඔහු සිය නීතිඥවරුන් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් අනතුරුවය.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේ නිරතව සිටින ව්‍යාපාරිකයෙක් වන ඔහු පොලීසිය මගහරිමින් පසුගිය දිනවල සිටි අයෙකි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ එම ව්‍යාපාරිකයා පදිංචිව සිටි නිවසට ගොස් සෝදිසියක්ද කර ඇත.

    සැකකාර ව්‍යාපාරිකයාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් ඇති අතර හෙට ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img