fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පැන්ඩෝරා පත්‍රිකාවේ ඇති තොරතුරු ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් කොමිසමට කැදවයි

    පැන්ඩෝරා පත්‍රිකාවේ ඇති තොරතුරු ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් කොමිසමට කැදවයි

    පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිකර ඇති පුද්ගලයින් අතර සිටින ශ්‍රී ලංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ දැනුම් දීමට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වහාම ක්‍රියාත්මක වෙමින් හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාට ලබන 08 වෙනිදා කොමිසමේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම් දී තිබේ.

    ඒ අනුව කොමිසන් සභාව අදම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කරමින් ඒ බව විමර්ශන අංශයට දැනුම් දී ඇක. අනතුරුව කොමිසන් සභාවේ ලේකම්වරයා මගින් තිරුකුමාර් නඩේෂන් මහතාට ලබන 08 වෙනිදා අල්ලස් කොමිසමේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම යොමුකර ඇති බව කොමිසන් සභාවේ තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.