fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමාත්‍යාංශ අතිරේක ලේකම්ගේ ලයිසන් චෙක් කළ පොලිස් නිලධාරියාට වෙච්ච දේ

    අමාත්‍යාංශ අතිරේක ලේකම්ගේ ලයිසන් චෙක් කළ පොලිස් නිලධාරියාට වෙච්ච දේ

    නිරෝධායන ඇදිරි නීතිය පැවැති අවස්ථාවේදී සිය බිරිඳ සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු බව සදහන් අයෙක් ගමන් කරමින් සිටි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමකදී නතර කර රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම නිසා අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි පොලිිස් කොස්තාපල්වරයෙක්ට හදියේම ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

    සේවා අවශ්‍යතා මත යැයි සදහන් කරමින් එම ස්ථාන මාරුවීම ලබාදී ඇත්තේ පොලිස් මානව සම්පත් කලමණාකාරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහතා විසිනි.

    එම ස්ථාන මාරුවීම ලබාදී ඇත්තේද තම මෝටර් රථය නතරකර අපහහසුතාවට පත්කළේ යැයි අතිරේක ලේකම්වරයා බව සදහන් තැනැත්තා විසින් කළ පැමිණිල්ලකට අනුව අධිවේගී පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක මහතා මගින් කළ පරීක්ෂණයකින් පොලිස් නිලධාරියා කිසිදු විනය විරෝධි හෝ වෙනත් වැරද්දක් කර නොමැති බවත් ඔහු ඉහළ නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අනුව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර ඇති බවත් පැහැදිලිවම හෙළිවී තිබියදීය.

    කොස්තාපල්වරයෙක් වන එම නිලධාරියාගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසියේ දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර එම සිදුවීමට අදාලව ජංගම දුරකතනයකින් පටිගත කල වීඩියෝපටයක්ද සමාජ මාධ්‍ය ජාලවල මේ වන විට හුවමාරුවෙමින් ඇත.

    පොලිස් නිලධාරියා ඉතා සංයමයකින් සහ ගෞරවාන්විතව අදාල ලේකම්වරයාට අමතන අතර මෝටර් රථයේ රියදුරු අසුනේ සිටින්නේ ලේකම්වරයා බව සදහන් කළ තැනැත්තාය.

    රියදුරු බලපත්‍රය පරීක්ෂාකරන අතර තුර අදාල ලේකම්වරයා බව සදහන් කෙරුණු තැනැත්තා දුරකතන ඇමතුමක් ගෙන කිහිප දෙනෙකුට කථාකරමින් මෙම නිලධාරියා ගැන පැමිණිලි කරන අතර එහිදී සදහන් කරන්නේ ජාතික හැදුණුම්පත ඉල්ලා අපහසුතාවට පත්කළ බවකි. එහිදී පවා එම නිලධාරියා ඉතා කාරුණිකව එම තැනැත්තාට පෙන්වා දෙන්නේ තමා ජාතික හැදුණුම්පත ඉල්ලා නොසිටි බවත් රියදුරුබලපත්‍රය පමණක් පරීක්ෂා කිරීමට ඉල්ලා සිටි බවත්ය.

    රියදුරු බලපත්‍රෙය් තොරතුරු සටහන් කර ගැනීම ගැනද ලේකම්වරයා බව කී තැනැත්තා නිලධාරියා සමග උරණව විමසන විට නිලධාරියා පැහැදිලි කරදෙන්නේ ඉහළ නිලධාරීන් තමන්ට ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වන බවකි.

    කෙසේ වෙතත් අවසානයේදී රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමේ වරදට හසුවීමෙන් එම නිලධාරියාට ස්ථානමාරුවීමක් ලැබෙන්නේ රාජකාරිය නිසි ලෙස ඉටුකරන නිලධාරීන්ද අධෛර්යමත් කරමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.