fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපානයේ කාගා - මුරසාමි යුද නෞකා කොළඹට ඇවිත් (📸)

    ජපානයේ කාගා – මුරසාමි යුද නෞකා කොළඹට ඇවිත් (📸)

    ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය විනාශක නෞකාවක් වන ‘KAGA’, සහ විනාශක නෞකාවක් වන ‘MURASAME’ යන නෞකාවන් ඊයේ (02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනිණි.

    මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KAGA’ නෞකාව දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210ක ගෙන් සමන්විත ය. එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Nishida Satoshi කටයුතු කරනු ලබයි.

    ‘MURASAME’ නෞකාව දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් Kashiwagi Yuichirou කටයුතු කරනු ලබයි.

    ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකා නිළ සංචාරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමෙන් අනතුරුව හෙට (04) වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.