fbpx
තවත්
    මුල් පිටුවspecialලෝක කාලගුණයත් පෙරළන ඉවතලූ අයිස්පෙට්ටිය

    ලෝක කාලගුණයත් පෙරළන ඉවතලූ අයිස්පෙට්ටිය

     

    ඔබ කුමන රටක, කුමන ආකාරයේ රැකියාවක නිරත වූවද, ඔබ නිවසේ අත්‍යාවශ්‍යම උපකරණයක් බවට ශීතකරණය පත්වී ඇති බව නොරහසකි. ආහාර පමණක් නොව, ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, රෝහල්වලදී විවිධ ජෛව කොටස් ආරක්ෂිතව කල් තබා ගැනීමට ශීතකරණ වලින් ලැබෙන සහයෝගය අතිමහත්ය. වර්තමානයේ ලෝකයම මුහුණදෙන Covid19 වසංගතයට පිළියම් ලෙස හඳුන්වාදී ඇති එන්නත් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ගබඩා කිරීම සඳහාද සුවිශේෂී වූ ශීතකරණවල අවශ්‍යතාවයක් පැන නැගී ඇත. එනමුත් ශීතකරණවල ක්‍රියාකාරීත්වය සහ එහි අන්තර්ගත වායූන් මගින් පරිසරයට දැඩි හානියක් සිදුවන බව බොහෝ වියතුන්ගේ මතයයි.

    ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර මගින් පිටකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයේ එකතුව, ලෝකයේ සමස්ත කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයෙන් 10%ක් පමණ (එනම්, වර්තමානයේ ගුවන් සහ නාවික කටයුතු එකතුව නිපදවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් තුන් ගුණයක්) වන බව පැවසේ.

    ඕසෝන් ස්ථරයට සිදු කරනු ලබන හානිය නිසා මින් පෙර ශීතකරණ වැනි උපකරණ විසින් භාවිතා කළ CFC (chlorofluorocarbons) වායූන් දැන් භාවිතයෙන් ඉවත් කර තිබුනද, වර්තමානයේ ඒ වෙනුවට භාවිතා කරන HFC (hydrofluorocarbons) සහ HCFC (hydrochlorofluorocarbons) මගින් ඕසෝන් අණු බිඳහෙළීමක් සිදු නොකළද, ඉන් සිදු වන හරිතාගාර ආචරණය – කාබන් ඩයොක්සයිඩ් මෙන් 11,700ක තරම් ප්‍රමාණවත් බව පැවසේ. මෙම HFC වායූන් වලට වායුගෝලයේ අවුරුදු 29ක් තරම් කාලයක් පැවතිය හැකි බවත් මේ නිසා මෙම වායූන් භාවිතා කරන ශීතකරණ, වායු සමීකරණ වැනි උපකරණ භාවිතයෙන් පසු ඉවත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව විද්‍යාඥයින්ගේ මතයයි.

    සිසිලන පද්ධති සඳහා පරිසර හිතකාමී වායූන් භාවිතය පිළිබඳව දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් නුදුරේදීම අසන්නට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.