fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජගත් සාගර දිනය අද - ඊයේ ගල්කිස්ස වෙරළට කුණු ගොඩ ගැසුවේ කවුද...

    ජගත් සාගර දිනය අද – ඊයේ ගල්කිස්ස වෙරළට කුණු ගොඩ ගැසුවේ කවුද ?

    වැලි මාතෘකාව බොහෝ දුර ගියේය. දැන් ගල්කිස්සෙන් දාපු වැලි වැල්ලවත්තට ආවාද ? වැල්වත්තෙන් දාපු කුණු ගල්කිස්සට ආවාද වගේ මාතෘකා ඔස්සේ විවිධ පිළිරු සමාජ මාධ්‍යවල බහුලය. මේ කුමන කාරණය ගත්තද රටක් විධියට අප ජගත් සාගර දිනය යෙදෙන අද දිනයේ ලජ්ජා විය යුතුය.

    ඊට හේතුව නම් වෙරළ සංරක්ෂණය කර ගැනීමට පමණක් නොව සමුද්‍රීය ආරක්ෂාව පිළිබදව තවමත් අපේ ජනතාවට වගේ වගක් නැති නිසාය. ඇතැම්විට නිලධාරින්ගේ මත තබා සියල්ල තැබුවද ජනතාවක් විධියට වෙරළ, සමුද්‍රීය පරිසරය රැකගැනීමට යුතුකම් ඉටුකරේ කවුද ? ඔබ ඔබගෙන් විමසා සිටිය යුත්තේ එයයි.

    සංචාරක කර්මාන්තය රැකගන්නවා මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව එමෙන්ම වෙරළබඩ පරිසර පද්ධතිය ගැන අවධානය යොමු කළේ නම් රටක් ලෙස මේ පුංචි දුපත තරම් වෙනත් අභිමානවත් දූපත් රාජ්‍යයක් මේ මිහිපිට නැතිවාට සැක නැත.

    නමුත් සිදුවූයේ කුමක්ද ? ඔක්කොම කුණු මුහුදට වගේ කතාවලින් පටන්ගෙන අද ඇත්තටම සිදුවෙමින් පවතින්නේ එයමය. කුණු මහ මුහුද දරාගෙන සිටිනවා යැයි විශ්වාස කරන මිනිස්සුම, තමන්ගේ සංචාරය වෙරළක රළ පාගන්නට පුරුදු පුහුණු කළේ කෙසේදැයි දන්නේ මහ බබාම විය යුතුය.

    ගල්කිස්ස වෙරළ තීරයට යළිත් ඊයේ දිනයේත් ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය ගොඩ ගැසුවේ කවුදැයි දැනගැනීමට දැන් හැමෝම කැමතිය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ එම වෙරළ තීරය නිරීක්ෂණයට ලක්කළේය.ඒ පොලීසිය ගල්කිස්ස වෙරළ පවිත්‍ර කිරීම පාර්ශ්ව කිහිපයක් සමග එක්ව සිදුකරන අතරතුරතුරය.

    සංචාරක ආකර්ෂණය බෙහෙවින් දිනාගත් ගල්කිස්ස වෙරළ තීරයට හදිසියේම අසාමාන්‍ය ලෙස කසළ විශාල ප්‍රමාණයක් ගොඩගැසීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය පැවැත්වෙන්නේ ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙනි.

    බීම බෝතල් ,පොලිතින් ඇතීන් ඇතුළු මෙම අපද්‍රව්‍ය ගල්කිස්ස වෙරළට පළමුවරට ගොඩ ගසනු ලැබුවේ පසුගිය 04 වෙනි දා ය. විශාල කසල තොගයක් වෙරළට ගොඩ ගැසුණු අතර එම කසළ නගර සභාව සේවකයන් ද පොලිසිය ද පරිසරවේදියෝ ද එක්ව පවිත්‍ර කළහ. එම කසල ගැඹුරු මුහුදේ පාවී පැමිණි ඒවා විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම කසළ පළාත් පාලන ආයතනයකින් ඉවත දමන ලද ඒවා බවට දැන් ඉගි පළවෙයි. බොහෝ විට මෙම කසළ මුහුදට සම්බන්ධ ජලාශයකට බැහැර කර ඇති බවත් ජලාශය ඔස්සේ එම කසල මුහුදට එක්ව වෙරළට ගොඩගසා ඇති බවට මුලික විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.

    කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනයක් සටහන් තැබූ බෑග්ද ඒ අතර ඇති බැවින් මෙම කසල තොගය මාස දෙක තුනකට වඩා පැරණි නොවන බව අනුමාන කෙරේ. ඒ නිසා මෙම සිදුවීම පොලිසියට හැකි ඉක්මනින්න සොයා ගැනීමට හැකියාව තිබේ.
    මෙම වින්නැහි එසේම තිබියදී මෙවර ජගත් සාගර දිනය සමරනුයේ මහ සයුර අපේ මතු අනාගතය යන්න තේමා කරගෙනය.

    පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යංශය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ස්ලයිකැන් භාරයේ (SLYCAN Trust) සහයෝගිතාව ඇතිව ජගත් සාගර දිනය- 2020 ශ්‍රි ලංකා සැමරුම අද (08) කළුතරදි පැවැත්වෙයි.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දුරස්ථභාවය රැකෙන පරිදි සීමිත විද්වත් කථිකාවක් පමණක් මෙවර ජගත් සාගර දිනය වෙනුවෙන් සංවිධානය කිරීමට අදාල බලධාරින් පියවර ගෙන තිබේ. ඊට සමගාමීව කඩොලාන පැල තවාන විවෘත කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකය. මේ සියල්ලතුළ නැවත නැවතත් පෞද්ගලිකවම සිහිපත්කරගත යුතුව ඇත්තේ මහ සයුර අපේ අනාගතයම බවයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.