fbpx
තවත්
    මුල් පිටුවCOVIDහිතාමතාම නිරෝධායන නීති කඩන අය ගැන CID ය විමර්ශන අරඹයි

    හිතාමතාම නිරෝධායන නීති කඩන අය ගැන CID ය විමර්ශන අරඹයි

    නිරෝධායන රීති අල්ලංඝනය කිරීම සහ කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌වරයා විසින්‌ නිකුත්‌ කර ඇති උපමානවලට පටහැනිව කටයුතු කරමින්‌ නිරෝධායනීය රොගයක්‌ ව්‍යාප්තවීම සඳහා හිතාමතාම කටයුතු කිරීමට යම්‌ තැනැත්තකු විසින්‌ සිදු කර ඇත්‌ ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‌ විමර්ශන ආරම්භ කර තිබේ.

    කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිර යාම සම්පූර්ණයෙන්‌ නතර වී නොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන්‌ පනවා තිබෙන නිරෝධායන නීති, උල්ලංඝණය කරමින්‌ රට පුරා මහජන උද්ඝෝෂණ පචත්වමින්‌ විවිධ පිරිස්‌ කටයුතු කරයි.

    ඒ තුලින්‌ මෙම රෝගය ව්‍යාප්ත වීම තවදුරටත්‌ වර්ධනය චී ජන ජීවිතය හා මහජන සෞඛ්‍ය අඩාල කරමින්‌ පැතිර ගොස්‌ බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණයක්‌ රටතුල නිර්මාණය විය හැකි අතර මේ ආකාරයට කටයුතු කිරීමට කිසිදු පුද්ගලයකුට අයිනියක්‌ නොමැත.

    එබැවින් කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිර යාම සම්පූර්ණයෙන්‌ නතර වී නොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන්‌ පනවා තිබෙන නිරෝධායන නීති, උල්ලංඝණය කරමින්‌ රට පුරා මහජන උද්ඝෝෂණ පවත්වන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා ‘යුක්තිය උදෙසා ජනතාව’ සංවිධානය විසින් පසුගියදා (24) පැමිණිල්ලක් කර තිබේ.

    එම සංවිධානයේ සභාපති දම්ගල්ල ගමගේ ධනුෂ්ක දිල්ෂාන්‌ ගමගේ යන අයකු විසින්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත්‌ කර ඇත.

    පැමිණිලිකරු විසින්‌ ඉදිරිපත්‌ කර ඇති පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.