fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෙහෙකාරියගේ මරණයට රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි

    මෙහෙකාරියගේ මරණයට රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි

    සිය නිවසේ සිටි මෙහෙකාරිය ගිනි ගැනීමෙන් මිය යාම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය තීරණය කර ඇත.

    ඒ අනුව කොළඹ දකුණ ළමා හා කාන්තා අපයෝජන ඒකකයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමට නියමිතය.

    රිෂාඩ්ගේ බිරිදගේ මවගෙන් සහ පියාගෙන්ද නිවසේ සේවයේ නිරතව සිටින 19 වියැති මෙහෙකරුවෙකුගෙන්ද මේ වන විට පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. ඊට පෙර මිය ගිය මෙහෙකාරියගේ මව්පියන්ගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ඇත. එහිදී ඒ අය පොලීසියට සදහන්කර ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් 18 වෙනිදා ඇයව බදියුදීන් මහතාගේ නිවසේ සේවයට රැගෙන ගිය බවය. බදියුදීන්ගේ නැන්දණිය සහ මාමණ්ඩියගේත් බිරිදගේත් ප්‍රකාශවලින් පෙනී ගොස් ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් 18 වෙනිදා ඇය සේවයට පැමිණි ඇති බවය.

    ඇය සේවයට පැමිණ දින කිහිපයකින් රුපියල් 40000 ක මුදලක් ඇගේ දෙමව්පියන්ට ලබාදුන් බවද බදියුදීන්ගේ බිරිද පොලීසියට පවසා ඇත. ඇයව මෙහෙකාර සේවයට සම්බන්ධකර දුන් ඩයගම පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට එම මුදල බැරකර ඇති අතර ඒ බව බැංකු ගිණුම් පරීක්ෂාවේදී තහවුරු වී ඇතැයිද පොලීසිය කියයි. දුරකතන ඡාල විමර්ශනයක් ඇතුළු විද්‍යාත්මක දත්ත පරීක්ෂාවකදීද තහවුරු වී ඇතැයි පොලීසිය සදහන් කරන්නේ ඇය නොවැම්බර් 18 වෙනිදා සිට බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටින බවය. ඒ අනුව ඇය මෙම නිවසේ සේවයට එන විට අවුරුදු 16 සම්පූර්ණ වී ඇතැයි තහවුරුවන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම නිවසේ මෙයට පෙර සේවයේ නිරතව සිට ඇත්තේ මිය ගිය මෙහෙකාරියව සම්බන්ධකර දුන් ඩයගම පුද්ගලයාගේ දියණියකි. ඇය විවහා වීම සදහා මෙහෙකාර සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව මෙම මෙහෙකාරිය බදියුදීන්ගේ මහතාගේ නිවසේ සේවයට ඔහු සම්බන්ධකර දී ඇතැයි අනාවරණය වී ඇත. ඉකුත් නොවැම්බරයේ සිට ඇය මිය යන තුරු කාලය තුල විටෙනන් විට එම පුද්ගලයාගේ බැංකු ගිණුම හරහා ඇගේ දෙමාපියන්ට මුදල් ලබාදී ඇති බවද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. එසේ රුපියල් ලක්ෂ 02 ක පමණ මුදලක් ඇගේ දෙමාපියන්ට ලැබී තිබෙන බවද අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

    පොලීසියේ විශේෂ අවධානයක් මේ වන විට යොමුවී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික සම්ප්‍රේෂණයක් වී ඇතැයි හෙළිවී තිබීම සම්බන්ධයෙනි. අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ ඇය අවුරුදු 12ත් 13 ත් අතර කාලයේ සිට ලිංගික සම්ප්‍රේෂණයක් සිදුවී ඇති බවකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.