තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීලා 10ක් දැනටත් විදෙස් පුරවැසියන්?

    මන්ත්‍රීලා 10ක් දැනටත් විදෙස් පුරවැසියන්?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන විදෙස් පුරවැසිභාවය ලැබ සිටින මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සොයා දැනට රහස් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජාතික පුවත්පතක් අද දිනයේ මේ බව වාර්තා කිරීමත් සමඟ අදාළ මන්ත්‍රිවරුන් සොයා නඩු පැවරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන රැසක් අවධානය යොමු කර තිබේ.

    ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ විදෙස් පුරවැසිභාවය හිමි මන්ත්‍රිවරු පිළිබඳ සමාජ කථිකාවතක් ගොඩ නැගිණි.

    අදාළ මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකාවේ ජනතාව නොමග යවමින් වෙනත් රටක පුරවැසිභාවය ලබා පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා ඇත්නම් ඒවා රජයට අයවිය යුතු බව සිවිල් සංවිධානවල අදහස වී තිබේ.

    මෙයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිඥාව උල්ලංඝනය කරමින් මෙරට රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රජයේ නිලධාරින් 200කට ආසන්න පිරිසක් ද මෙලෙස විදෙස් පුරවැසියන් බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල අවධානය යොමු වී ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img